බිල්ලන් මවා ජනතාව බියවැද්දීම – මහාචාර් ය සුනන්ද මද්දුමබණ්ඩාර

දෙසැම්බර් මස 20 වැනි දින ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ගල් අඟුරු ප්‍රමාණවත් වන්නේ දෙසැම්බර් 31 වැනිදා දක්වා පමණක් බවත් ජනවාරි 02 වැනිදා සිට භාවිතා කිරීමට ගල් අඟුරු නැති  බවත් එනිසා ඉදිරියේදී දිනපතා පැය දහයකට වැඩි විදුලි කප්පාදුවක් පවත්වාගෙන යාමට සිදු වන බවත්ය.

එසේම විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ද එහිදී ප්‍රකාශ කළේ පැය පහත් සහ දහයත් අතර විදුලි කප්පාදුවක් පවත්වාගෙන යාමට අනිවාර්යයෙන් සිදු වන බවයි. එම පුවත ඇසූ රටේ බොහෝ දෙනෙක් දැඩි කම්පාවකට සහ පීඩනයකට පත් වූයේ යැයි සිතමි.

විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ද එහිදී ප්‍රකාශ කළේ පැය පහත් සහ දහයත් අතර විදුලි කප්පාදුවක් පවත්වාගෙන යාමට අනිවාර්යයෙන් සිදු වන බවයි. එම පුවත ඇසූ රටේ බොහෝ දෙනෙක් දැඩි කම්පාවකට සහ පීඩනයකට පත් වූයේ යැයි සිතමි.

දැනටමත් පැය දෙකහමාරක පමණ කාලයක්  විදුලිය කප්පාදු කරද්දී විඳීමට සිදුව ඇති අපහසුව පැය දහයකට දීර්ඝ වුවහොත් කෙසේ විඳ ගන්නදැයි ඔවුහු සන්තාපයට පත් වූහ. දරුවන්ගේ ඉගෙනුම, ගෙදර දොර සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යෑම පමණක් නොව රූපවාහිනී, පරිගණක, රෙදි සෝදන යන්ත්‍ර, රයිස් කුකර්, ශීතකරණ වැඩ නොකරන අවස්ථාවකට පත් වූ විට තමන්ට විඳීමට සිදුවන කරදර පිළිබඳව ඔවුන්ට සිතාගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වේ. ජනවාරි දෙවැනිදා පසුවී අදට දින නමයක් ගත වී ඇත. එහෙත් පැය දහයක විදුලි කප්පාදුවක් සිදු වූයේ නැත. නොරොච්චෝලේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

විදුලි ඉංජිනේරුවන්ගේ සිට විදුලි වෘත්තීය සමිති නිලධාරීන් දක්වා කිසිවෙක් ඇතිවේ යැයි ප්‍රකාශ කළ මහා දිග විදුලි කප්පාදුව පිළිබඳව දැන් වචනයක්වත් දොඩන්නේ නැත. දේශපාලනය මූලික කරගෙන රට අස්ථාවර කිරීමට උත්සාහ දරන බොහෝ අයගේ අපේක්ෂාව වී ඇත්තේ වරින් වර මෙවැනි පීඩනයක් මහජනතාව වෙත එල්ල කර ඔවුන් ශාරීරික හා මානසික වශයෙන් ආතතියකට පත් කර සතුටු වීම බව පැහැදිලි වේ. මෙවැනි මානසික විකෘතිභාවයන් ඉදිරියේදී ද බොහෝ විට දැක ගැනීමට ඉඩ ලැබෙනු ඇත. දැන් ගල් අඟුරු ලංකාවට ලැබී ඇත. ගල් අඟුරු රටට ගෙන්වීම වැළැක්වීම සඳහා නඩු පැවරීම වැනි ක්‍රියාමාර්ග දියත් කර තිබුණි. එසේ වුවත් ඒ කිසිදු බාධකයක් නොතකා විදුලි සැපයුම කවර තත්ත්වයක් යටතේ වුවද අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය කටයුතු කර තිබීම සතුටට කරුණකි.

පළාත් පාලන මැතිවරණය පිළිබඳව තත්ත්වය උණුසුම් වන්නට පටන් ගෙන තිබේ. මෙම පළාත් පාලන මැතිවරණය පිළිබඳව ˝කාලීන සටහන˝ 2023.01.04  දින ලිපියේ පළාත් පාලන මැතිවරණ කාලය තුළ රජය අර්ධ වශයෙන් අක්‍රීය වන බවත් යම් යම් ක්‍රියාදාමයන් නවතා දැමීමට මැතිවරණ කොමිසම නියම කිරීම හේතුවෙන් සමෘද්ධි ප්‍රතිලාභ වැඩි කර ගැනීම වැනි ක්‍රියාමාර්ගවලට අවහිර විය හැකි බවත් පෙන්වා දුන්නෙමි. තවම පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා හෝ භාරගෙන නැත. කවර පක්ෂයක කවර අපේක්ෂකයන් ඉදිරිපත් වේද යන්න කිසිවකු දන්නේ නැත.

පළාත් පාලන මැතිවරණය පිළිබඳව තත්ත්වය උණුසුම් වන්නට පටන් ගෙන තිබේ. මෙම පළාත් පාලන මැතිවරණය පිළිබඳව ˝කාලීන සටහන˝ 2023.01.04  දින ලිපියේ පළාත් පාලන මැතිවරණ කාලය තුළ රජය අර්ධ වශයෙන් අක්‍රීය වන බවත් යම් යම් ක්‍රියාදාමයන් නවතා දැමීමට මැතිවරණ කොමිසම නියම කිරීම හේතුවෙන් සමෘද්ධි ප්‍රතිලාභ වැඩි කර ගැනීම වැනි ක්‍රියාමාර්ගවලට අවහිර විය හැකි බවත් පෙන්වා දුන්නෙමි.

2018 පළාත් පාලන මැතිවරණය පැවැත්වූ අවස්ථාවේදී එක් අපේක්ෂකයකුට රුපියල් ලක්ෂ දහයක් පමණ වියදම් වී ඇතැයි සමහර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විසින් ප්‍රකාශ කරනු ලැබ තිබුණි. කෙසේ වුවද මේ වන විට සියලු‍ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගොස් ඇති නිසාත් විශේෂයෙන්ම ඉන්ධන සහ මුද්‍රණ වියදම් ඉහළ ගොස් ඇති නිසාත් එක් අපේක්ෂකයකුට වියදම් කිරීමට සිදු වන මුදල රුපියල් තිස් ලක්ෂයක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක් පක්ෂයක අපේක්ෂකයන් අටදහස වෙනුවෙන් රුපියල් කෝටි දෙදහස් පන්සියයක් වැය කරනු ඇත. ඒ ආකාරයට ප්‍රධාන පක්ෂ සෑම එකක්ම තමන්ගේ අපේක්ෂකයන් අටදහස බැගින් ඉදිරිපත් කරන බැවින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමට සිදු වේ. එක දේශපාලන පක්ෂයක අපේක්ෂකයන් වෙනුවෙන් වැය කිරීමට සිදු වන මුදල සමෘද්ධි දීමනා සඳහා රජය වැය කරන මුළු මුදලෙන් අඩක් පමණ වනු ඇත.

ආර්ථික අර්බුදයත් සමඟ ශ්‍රී ලංකාවට දැනට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ගැටලු‍වක් වන්නේ මන්දපෝෂණයයි. ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් අතර මන්දපෝෂණය ඉහළ ගිය ආකාරය පිළිබඳව විවිධාකාර වාර්තා පසුගිය දිනවල විවිධ ආයතන විසින් නිකුත් කරනු ලැබ තිබුණි. මේ සතිය මුලදී බීබීසී ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රවෘත්ති වාර්තාවකින් කියවුණේ ශ්‍රී ලංකාවේ දෙමව්පියන්ට තම දරුවන් අතරින් කවරකු ඒ ඒ දිනවල පාසල් යවන්නේ දැයි තෝරා ගැනීමට සිදුව ඇති බවයි. එයට හේතුව දරුවන් කිහිප දෙනෙක් සිටින දෙමව්පියන්ට මුදල් හිඟය නිසා ඒ සියලු‍ දරුවන් එක වර පාසල් යැවීමට නොහැකි තත්ත්වයක් පවතින බව එම පුවතේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ඇතිව තිබේ යැයි මම කිසිසේත්ම විශ්වාස නොකරමි. එසේ වුවද එවැනි තත්ත්වයක් තිබේ නම් අපට දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීමට සිදු වන්නේ මින් පසු රටේ ඇතිව තිබෙන මන්දපෝෂණය වැනි කරුණු පිළිබඳව විවිධ ප්‍රකාශ නොකර මන්දපෝෂණය තුරන් කිරීම සඳහා මැතිවරණයට වියදම් කරන මුදල් යොදවන ලෙසයි.මේ වන විට රටේ බොහෝ දේශපාලන පක්ෂ තමන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ. සමහර පක්ෂ නාම යෝජනා වෙනුවෙන් ඇප තැන්පත් කිරීම ද සිදු කර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විට දිස්ත්‍රික්ක පහක නාම යෝජනා තෝරා අවසන් කර ඇති බව සඳහන් කර තිබුණි. එක්සත් ජාතික පක්ෂය ද නාම යෝජනා ලබා දීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ. සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාම යෝජනා සකස් කිරීමේ කටයුතුවල යෙදී සිටී. ඒ තුළින් පැහැදිලි වන්නේ රටේ ප්‍රධාන පෙළේ සියලු‍ම දේශපාලන පක්ෂවලට පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය වී ඇති බවත් ඒ සඳහා එම පක්ෂ සූදානම් බවත්ය. මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලටද පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවශ්‍ය වී ඇත. එවැනි සංවිධාන කිහිපයක් මෑතකදී ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්විය යුතු බවයි.

මේ වන විට රටේ පළාත් සභා සියල්ලම විසිර වී වසර පහක් ගත වී ඇතත් තවමත් ඒවාට ඡන්දය පවත්වා නැත. මේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන  තමන්ගේ ප්‍රකාශනයේ ඒ පිළිබඳව එක වදනක් හෝ සඳහන් කර නැත. අඩුම තරමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ එක දිනක පවත්වන ලෙස හෝ මෙම සංවිධානවලට ඉල්ලා සිටීමට හැකියාව තිබුණි. පළාත් සභා මැතිවරණය පිළිබඳ වගේ වගක් නැති මෙම සංවිධාන පළාත් පාලන මැතිවරණ නියමිත කාලයට පවත්වන ලෙස ඉල්ලීම් කරයි.

මේ වන විට රටේ පළාත් සභා සියල්ලම විසිර වී වසර පහක් ගත වී ඇතත් තවමත් ඒවාට ඡන්දය පවත්වා නැත. මේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන  තමන්ගේ ප්‍රකාශනයේ ඒ පිළිබඳව එක වදනක් හෝ සඳහන් කර නැත. අඩුම තරමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ එක දිනක පවත්වන ලෙස හෝ මෙම සංවිධානවලට ඉල්ලා සිටීමට හැකියාව තිබුණි. පළාත් සභා මැතිවරණය පිළිබඳ වගේ වගක් නැති මෙම සංවිධාන පළාත් පාලන මැතිවරණ නියමිත කාලයට පවත්වන ලෙස ඉල්ලීම් කරයි. 

දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන පළාත් පාලන මැතිවරණය ඔස්සේ රටේ ඡන්දයක් පැවැත්වීමට බල කරන නමුදු මහජනතාවට එවැනි අවශ්‍යතාවක් පවතින බවක් දැනෙන්නට නැත. එදා වේල සරිකර ගැනීම දහස් සංඛ්‍යාත පිරිසකට ගැටලු‍වක් වී ඇති අවස්ථාවක මෙවැනි මැතිවරණයකින් ඔවුන්ට කවර ප්‍රයෝජනයක්ද ?  රටේ මහජනතාවගේ ජීවන පැවැත්ම පිළිබඳව හොඳින් දැනුවත් වී ඇති නමුදු ඒවා අමතක කර මැතිවරණයක් පවත්වනු දැකීම සමහර දේශපාලන පක්ෂවල අභිලාෂය වී ඇත.

රට තුළ මෙවන් වාතාවරණයක් තිබිය දී වසර මුලදී සිටම රට ගොඩගැනීම පිණිස ආර්ථික වශයෙන් සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා රජය මූලිකත්වය දී ඇති බවක් පෙනෙන්නට තිබේ. රටවල් පහක් සමඟ ද්වීපාර්ශවීය වෙළෙඳ හා ආර්ථික ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳව රජය කටයුතු කරමින් සිටින අතර මේ සතියේදී ඒ අතරින් තායිලන්තය සමඟ වූ වෙළෙඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා ආරම්භ කරන ලදී. නියෝජිතයන් පිරිසක් තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අතර අමාත්‍ය සහ නිලධාරි මට්ටමේ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුණි.

තායිලන්තය ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යන මිත්‍ර රටකි. බොහෝ කලක සිට දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳ අදහස මතු වී තිබුණද ඒ සඳහා වූ ස්ථාවර වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොවීය.

එහෙත් මෙවර එය ඉතා ඉක්මනින් සාර්ථකත්වය කරා ගෙන යෑම සඳහා වූ  ක්‍රියා පිළිවෙතක් දියත් වී තිබේ. තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට බොහෝ දේ ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ භික්ෂු ශාසනයේ උපසම්පදාව පිහිටුවීම සඳහා තායිලන්තය ශ්‍රී ලංකාවට ආධාර කළේය. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වන ද්වීපාර්ශවික නිදහස් වෙළෙඳ ගිවිසුම හේතුවෙන් රටවල් දෙක අතර සම්බන්ධතා තවදුරටත් දියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රට තුළ පැවති විවිධාකාරයේ ගැටලු‍වලට විසඳුම් ලබා දෙමින් රටෙහි ආර්ථික සහ දේශපාලන ස්ථාවරභාවයක් ගොඩනැගීමට උත්සාහ කරන අවස්ථාවක සමහරු ගල් අඟුරු ප්‍රශ්නය වැනි බිල්ලන් මවා මහජනතාව බිය වද්දති. තවත් සමහරු මහජනතාවට ආර්ථික සහන ලබා දීමට වැය කළ හැකි මුදල් කිසිදු වැදගත්කමක් නැති මැතිවරණයකට වියදම් කරවා රට තවත් අවුල් කිරීමට උත්සාහ කරති. එවැනි තත්ත්වයක් තුළ රජයේ වගකීම විය යුත්තේ ඒ සියල්ලට උපායශීලීව මුහුණ දෙමින් රට ගොඩනැගීමේ ක්‍රියාවලිය නොනවත්වා ඉදිරියට ගෙනයාමයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ

හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

සුනන්ද මද්දුමබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *