නැප්තා ගන්න මුදල් නැතිව කැලණිතිස්ස බලාගාරයක් නතරවෙයි

ලංවිම මුහුණ දී සිටින මුල්‍ය අර්බුදය හමුවේ ප්‍රමාණවත් පරිදි නැප්තා මිල දී ගැනීමට නොහැකි වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයක් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුවන බව වාර්තා වෙයි. එසේ සිදුවන්නේ අවශ්‍ය තරම් නැප්තා තොග ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතුව තිබිය දී ය.

ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ක ධාරිතාවක් අහිමි වනු ඇති බව කියති. මෙය ඉන්ධන බලාගාර අතර අඩු ම පිරිවැයකින් විදුලිය නිපදවන බලාගාරයකි.

ලංවිම මෙන් ම ඛනිජ තෙල් සංස්ථාව ද මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර එම ආයතනවලට මුදල් සැපයීමේ හැකියාවක් මහා භාණ්ඩාගාරයට ද නැති බව ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *