|

විදුලි බිල ගැන කාටවත් හිතුවක්කාර තීරණ ගන්න බලයක් දී නැහැ – මහාචාර් ය රොහාන් සමරජීව

විදුලි බිල වැඩි කිරීමේ දී කිසිවකුට හිතුවක්කාර ලෙස තීරණ ගැනීමේ බලයක් විදුලි බල පනත හෝ මහජන උපයෝගිතා කොමිසන් සභා පනත මගින් ලබා දී නැති බවත්, කවුරුන් හෝ දඩබ්බර ලෙස හැසිරීමෙන් ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන බවත්, මහචාර් ය රොහාන් සමරජීව මහතා ප්‍රකාශ කරයි.

විදුලි බිල තීරණය කිරීමට තමන්ට සම්පුර්ණ බලය ඇතැයි උපයෝගිතා කොමිසම සිතා සිටියත් එය වැරදි බවත්, ආණ්ඩුව ද අසරණ නැති බවත්, ප්‍රතිපත්ති මග පෙන්වීම් ලබාදීමට ආණ්ඩුවට බලය ඇති බවත්, එමෙන් ම ඒ සඳහා ක්‍රමවේදයක් ද පනතේ සඳහන් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

රජය මීට පෙර ලබා දී ඇති මග පෙන්වීම් කොමිසමේ වෙබ් අඩවියේ ඇති නමුත් එම මග පෙන්වීම් අනුව ක්‍රියාත්මක වී නැති බව පෙනී යන්නේ යැයි ද මහාචාර් ය සමරජීව මහතා කියයි.

විදුලි බිල වැඩිවීම කාටත් දරාගත නොහැකි බව කවුරුත් පිළිගත යුතු බව කියන සමරජීව මහතා වැඩි දුරටත් කියන්නේ මේ මොහාතේ අපට ඇත්තේ තිත්ත බෙහෙත් බීමේ විකල්ප තෝරා ගැනීම සහ තිත්ත අඩු කර ගැනීමේ ක්‍රම සොයා ගැනීම පමණක් බව පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සැප්තැම්බර් මාසයේ අත්සන් තැබූ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමේ එක් කොන්දේසියක් වන්නේ ඛනිජ තෙල් සහ විදුලිය සඳහා පිරිවැය පියවා ගත හැකි මිල ක්‍රමයක් සැකසීමයි. එම ගිවිසුමෙන් මාස හයක් ගෙවී ගොස් ඇත. මෙය තවත් ප්‍රමාද කිරීමේ ප්‍රතිවිපාක වන්නේ රට ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගැනීම තවත් ප්‍රමාද වීමයි.

ස්වාධින රුපවාහිනී සේවයේ හත්වැනි පැය වැඩ සටහනට සහභාගී වෙමින් මහචාර් ය සමරජීව මහතා මෙම අදහස් පළ කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *