TNA පක්ෂ වෙන් වෙන්ව පුංචි ඡන්දයට

 

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ වෙන් වෙන්ව තරග කිරීමට තීරණය කර තිබේ.

දෙමළ ජාතික සන්ධානය සැදුම්ලත් පක්ෂ තුන  වන ITAK, ප්ලොට් හා ටෙලෝ එසේ වෙන්ව තරග වැදීමට තීරණය කර ඇත්තේ TNA සන්ධානය එලෙසම පවත්වාගෙන යමිනි.

2001 මහ මැතිවරණය ඉලක්ක කොට ගෙන පිහිටුවනු ලැබීමෙන් පසු එම පක්ෂ TNA සන්ධානයෙන් නොකැඩී වෙන්ව තරග වදින්නේ මුල්ම වතාවටය.

එම වසරේ ඔවුන් තරග වැදුනේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) නමිනි.

2004 සිට ඔවුන් තරගවැදුනේ මාවයි සේනාධිරාජාගේ නායකත්වයෙන් යුත් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලෙසින්ය.

මෙවර වෙන්ව තරග වැදීමේ තීරණය ගෙන ඇත්තේ අද උදෑසන TNA පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ආර් සම්බන්ධන්ගේ නිවසේ තිබු හදිසි සාකච්ඡාවකදීය.

ඒ අනුව ITAK, ප්ලොට් හා ටෙලෝ යන පක්ෂ වෙන්ව තරග වැදී ලබාගන්නා ආසන සංඛ්‍යාව අනුව TNA ලෙසින් කටයුතු කරනු ඇත. කෙසේවෙතත්, මැතිවරණයේදී TNA නම හෝ සංකේත භාවිතය තහනම් වෙයි.

පැය කීපයක් තිස්සේ පැවති සාකච්ඡාවට ආර් සම්බන්ධන්, එම් ඒ සුමන්දිරන්, මාවයි සේනාධිරාජා , හෙන්රි මහේන්ද්‍රන්, ගෝවින්දන් කරුණාකරන් සහ සෙල්වම් අඩෙයික්කලනාදන් සහභාගිවී තිබේ.

TNA  තවමත් ලියාපදිංචි පක්ෂයක් නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *