ආණ්ඩුවේ සන්ධානය ; නගරයට අලි – ගමට පොහොට්ටු

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එකසත් ජාතික පක්ෂය අතර ඇතිවී තිබෙන එකඟතාව අනුව නගර සභා ගණනාවකට දෙපාර්ශවය අලියා ලකුණින් තරඟ කිරීමටත්, ගම්බද ප්‍රදේශ ගණනාවක පොහොට්ටුව ලකුණින් තරග කිරීමටත් එකඟ වී ඇති බව වාර්තා වෙයි.

එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ කොළඹ , මහනුවර මහා නගර සභා සහ පුත්තලම නගර සභාවට අලියා ලකුණින් තරඟ කිරීමට එකඟ වී ඇති බව යි. මීට අමතරව බදුල්ල, නුවරඑලිය , ගාල්ල , මාතර වැනි නගර සභා ද අලියා ලකුණින් තරග කිරීමට යන බව අපගේ ආරංචි මාර්ග කියයි.

ඇතැම්  ගම්බද ප්‍රදේශ පොහොට්ටුව ලකුණින් දෙපාර්ශවය තරඟ කරනු ඇති අතර ඇතැම් ප්‍රදේශ පොදු ලකුණක් යටතේ තරඟ කිරීමට සාකච්ඡා කරමින් සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *