නිවට වීරයන්ගේ බොරු බස් – කුලසිරි ලියනගේ

දවසක් එක් මනුස්සයෙක් සිංහයෙකුගේ අඩි සලකුණු දිගේ වනය දෙසට ඇවිද ගියේය. ඒ යන මඟ හමුවූ අයගෙන් එම පුද්ගලයා විමසා සිටියේ, Òසිංහයෙක් එහෙම කැලය ඇතුළට යනවා දැක්කද? මගේ බල්ලව කාලා, මම මේ අඩි සලකුණු දිගේ යන්නේ ඌ හොයාගෙනÓ කියාය. මේ පුද්ගලයාගේ කතාව ඇසූ මිනිසුන් හිතුවේ, Òබල්ලෙක් වෙනුවෙන් සිංහයෙක් එක්ක හැපෙන්න යන මේ මනුස්සයා ලෙහෙසි පහසු පුත්‍රයෙක් නම් වෙන්න බෑÓ කියාය. කෙසේ හෝ වනය මැදදී හමුවූ පූජකයකු වෙතින් ද මේ පුද්ගලයා Òසිංහයෙක් දැක්කාද ?Ó කියා ඇසුවේය. පූජක තැන කියා සිටියේ, Òඔව්. ඔබ අර ගුහාව ඉදිරියට යන්න. සිංහයා එතන ඉන්නවාÓ කියාය. ඒ ඇසූ විගස බය භිරාන්ත වූ පුද්ගලයා ආපසු හැරී දිව්වේ, සිංහයා ඉන්න බව පෙන්නූ ගුහාව දෙසවත් නොබලාය.

අභියෝගය ඉදිරියට පැමිණි අවස්ථාවේ බොරු වීර වෙස් ගත් නිවට විකටයන්ගේ හැසිරීම එහෙමය. කොහොමටත් තමන් කරන්න යන දේ ගැන තමන්ටවත් විශ්වාස නැති නමුත් නිවට විකටයන් කැමති තමන් ගැන ඊනියා වීරත්වයක් අනෙකා තුළ ඇති කරන්නටය. ඒ තුළ තමන්ගේ පැවැත්ම හදාගන්නටය. ලංකාවේ විපක්ෂයත් පහුගිය කාලයේම කළේ ඒ වගේ වැඩය.

අභියෝගය ඉදිරියට පැමිණි අවස්ථාවේ බොරු වීර වෙස් ගත් නිවට විකටයන්ගේ හැසිරීම එහෙමය. කොහොමටත් තමන් කරන්න යන දේ ගැන තමන්ටවත් විශ්වාස නැති නමුත් නිවට විකටයන් කැමති තමන් ගැන ඊනියා වීරත්වයක් අනෙකා තුළ ඇති කරන්නටය. ඒ තුළ තමන්ගේ පැවැත්ම හදාගන්නටය. ලංකාවේ විපක්ෂයත් පහුගිය කාලයේම කළේ ඒ වගේ වැඩය.

ඒ බව හොඳින්ම තහවුරු වුණේ ජනවාරි 04 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීමත් සමඟය.

සජබ ප්‍රමුඛ විපක්ෂයේ ඇතැමුන් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය ඉල්ලා හන්දි ගානේ රස්තියාදු ගැහුවේ කාලයක පටන්ය. හන්දියක් හන්දියක් ගානේ බස් එළවාගෙන පාසල් වෙත යමින් විපක්ෂ නායක සජිත් කිව්වේ, ආණ්ඩුව ඡන්දයට බයේ ඡන්ද නොතියන බවය. මැතිවරණ හකුළා ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ඇති බවය.

සජිත් ඔය විදිහට Òබස්වල නැඟීÓ ගොස් Òපාසල් බොරුÓ කිව්වේ, සැබවින්ම ඔවුන්ට පළාත් පාලන ඡන්දයක් අවශ්‍ය නිසාද? නැත්නම් සජිත් මෙන්ම ඔහුටම නොදෙවෙනි විපක්ෂයේ උපාය මාර්ගික අවශ්‍යතාව වුණේ ගෝඨාභය සමයේ ඇති වූ ආණ්ඩු විරෝධය අඛණ්ඩව තබා ගැනීමද? ඒ කියන්නේ ආණ්ඩු විරෝධය අඛණ්ඩව පවත්වා ගැනීම හැර මැතිවරණයක සැබෑ අවශ්‍යතාවක් ඔවුන්ට තිබුණේ නැතිද?

සජබ සමඟ හවුල් දේශපාලනයක සිටින පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ වරක් ප්‍රසිද්ධියේ කියා සිටියේ, ආණ්ඩු වෙනසක් සිදු කිරීමට නොහැකි නිසා පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම තේරුමක් නැති දෙයක් කියාය. ඒ වෙනුවට ඔහු ඉල්ලා සිටියේ ආණ්ඩු වෙනසක් සිදු කරගත හැකි ජාතික මැතිවරණයක්ය.

පෙසප පමණක් නොව සජබ ප්‍රමුඛ සජබ නැට්ටේ එල්ලී දිව්‍ය ලෝකයේ යන්න හිටි විපක්ෂයේ මතය තිබුණෙත් එතැනය. ඔවුන්ට අවශ්‍යව තිබුණේ කඩිනමින් ජාතික මැතිවරණයක් වෙත යන්නය. ඒ ගිහින් ගෝඨාභය පාලනයට තිබූ ජනතා විරෝධයේ නාමයෙන් තමන්ගේ පංගුව වැඩි කර ගන්නය. නමුත් එවැනි ජාතික මැතිවරණයක් කොල්ලකා ගන්නට විපක්ෂයට අවස්ථාවක් නොතිබුණේ ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොවූ නිසාය. එසේම මැතිවරණයක් වෙනුවෙන් සිදු කළ උද්ඝෝෂණ සඳහා ජනතා සහභාගිත්වයක් තිබුණේම නැති නිසාය. අන්න ඒ තුළ විපක්ෂයේ තක්සේරුව වුණේ මේ මොහොතේ වඩාත් වාසිදායක සටන් පාඨය Ò පළාත් පාලන මැතිවරණය වහාම පවත්වනුÓ යන්නය කියාය. ඒ සටන් පාඨය ඔවුන් ඔසවා ගත්තේද ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ රට ඇති නිසා මේ මොහොතේ ආණ්ඩුව කිසිසේත් මැතිවරණයකට නොයනු ඇති බවට පුරෝකථනය කරමින්ය.

පෙසප පමණක් නොව සජබ ප්‍රමුඛ සජබ නැට්ටේ එල්ලී දිව්‍ය ලෝකයේ යන්න හිටි විපක්ෂයේ මතය තිබුණෙත් එතැනය. ඔවුන්ට අවශ්‍යව තිබුණේ කඩිනමින් ජාතික මැතිවරණයක් වෙත යන්නය. ඒ ගිහින් ගෝඨාභය පාලනයට තිබූ ජනතා විරෝධයේ නාමයෙන් තමන්ගේ පංගුව වැඩි කර ගන්නය. නමුත් එවැනි ජාතික මැතිවරණයක් කොල්ලකා ගන්නට විපක්ෂයට අවස්ථාවක් නොතිබුණේ ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොවූ නිසාය

ඒ ගැන බැලුණු දේශපාලන අංජනම් මෙන්ම කියපු සාත්තරත් ඕන තරම්ය. දැන් ඉතින් ඡන්දය පැවැත්වීම නිල වශයෙන් නිවේදනය කර ඇති නිසා ඒ කවුරු කවුරුත් නන්නත්තාරය. කඩිමුඩියේ සන්ධාන හදන්න, පෙරමුණු හදන්න දත් හපාගෙන වෙහෙසෙන්නේ ඒ නිසාය.

බොහෝ විට විපක්ෂය ඒ සටන් පාඨය මෙලෙස ඉහළින්ම ඔසවන්න ඇත්තේ, රට ඉතා අසීරු තැනක තිබියදී මැතිවරණයක් පැවැත්වීම අර්බුද උග්‍ර කරවන්නක් බව ආණ්ඩුවේ මතය වී තිබුණු බව පෙනෙන්නට තිබුණු නිසා විය යුතුය. කොහොමටත් ආණ්ඩු විරෝධයක් නඩත්තු නොකරගෙන තමන්ගේ පාක්ෂිකයා රඳවා ගැනීමට නොහැකි වීමේ ගැටලුව නිසා වමේ කියන උදවියත් දෙවරක් නොහිතාම මේ ඊනියා සටන් පාඨය කරට ගෙන තරගෙට ඇද්දේය.

ඒ ඇද්දිල්ල ගැස්සී ගියේ කවුරුත් නොහිතපු විදිහටය. එනම් මැතිවරණය කැඳවීමේ අයිතිය මැතිවරණ කොමිසමට ලබා දෙමින් තම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තහවුරු කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම තුළය. එමඟින් ඇත්තටම සිදු වූයේ විපක්ෂයට තමන් අත තිබූ එකම ආණ්ඩු විරෝධී සටන් පාඨය අහිමි වීමය. දැන් මැතිවරණයකට ගොස් ආණ්ඩුවට එරෙහිව මතු කරන්න තරම් දැනෙන කියන සටන් පාඨයක් විපක්ෂයට නැත. කට්ටියම අන්දමන්දය.

‘හැමෝම හිතාගෙන හිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් පාලන ඡන්දයට විරුද්ධයි කියලා නේද? අන්තිමේදී රනිල් ඡන්දය දොරකඩටම එන තැනට වැඩේ පත්තු කළා .. ‘ එජාප ජ්‍යෙෂ්ඨයකු මෙහෙම කතාවක් කියා තිබුණේ අමාත්‍යවරයෙකුගේ දියණියකගේ විවාහ මංගල අවස්ථාවකය. ඒ විපක්ෂයේ සිටින තවත් ප්‍රබලයකුටය.

එජාප ජ්‍යෙෂ්ඨයා ඒ කතාබහ අවසන් කළා කියන්නේ, Ò ඔය මොනවා කිව්වත් අපේ ලොක්කා කවදාවත් ඡන්දය කල් දැමීමේ කුණු කන්දට කර ගහන්නේ නෑ. ලියලා තියාගන්න ‘ කියාය.

ඒ කතාවල ඇත්ත නැත්ත මොකක් වුණත් ගත යුත්තක් ඇත. ඒ ඇතැම් විට මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවට පසුගිය දිනවල ගෙන ගිය ප්‍රචාරයත් ආණ්ඩු පාර්ශ්වයෙම වැඩක්ද කියාය. ඒ ජය පරාජය තීරණාත්මක නොවන පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම කිසිම ආකාරයකට ආණ්ඩුවට දේශපාලන අභියෝගයක් නොවන නිසාය. එවැනි පසුබිමක වැඩකට නැති දේශපාලන සටන් පාඨයක් කරට දීම තුළ විපක්ෂයට සිදු වන දේ ගැන හොඳ තක්සේරුවක් ආණ්ඩුවට තිබුණා විය හැකිය. සේරටම වඩා විපක්ෂ නායකගේ දේශපාලන බුද්ධියේ වපසරිය ගැන ආණ්ඩුවේ ප්‍රධානීන් හොඳටම දන්නා නිසා විපක්ෂයටම ගිල්ල වන්න, සජිත්ටම මේ දේශපාලන ලණුව දුන්නා කියාද සිතුවත් වැරදි නැත.

වැඩකට නැති දේශපාලන සටන් පාඨයක් කරට දීම තුළ විපක්ෂයට සිදු වන දේ ගැන හොඳ තක්සේරුවක් ආණ්ඩුවට තිබුණා විය හැකිය. සේරටම වඩා විපක්ෂ නායකගේ දේශපාලන බුද්ධියේ වපසරිය ගැන ආණ්ඩුවේ ප්‍රධානීන් හොඳටම දන්නා නිසා විපක්ෂයටම ගිල්ල වන්න, සජිත්ටම මේ දේශපාලන ලණුව දුන්නා කියාද සිතුවත් වැරදි නැත.

කෙසේ හෝ වේවා දැන් විපක්ෂය හතර ගාතේය. පසුගිය සමයේ එකට එකතුව සිටි ඔවුන් දැන් සීසීකඩය. දේශපාලන ආරංචි මාර්ග කියන විදිහට මැතිවරණය කැඳවීමත් සමඟ විශේෂයෙන්ම සජබය නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක්ම සජබයෙන් වෙන් වී ඡන්දයට ඉදිරිපත් වීමට දැනටමත් සූදානම්ව ඇත. 43 අරගෙන චම්පික පිල සහ තවත් පිරිසක් එජාපය සමඟත්, දෙමළ මුස්ලිම් කොටස් වෙනමත්, ෆොන්සේකා තරුණ අරගලකරුවන් සමඟ වෙනම කණ්ඩායමක් ලෙසත් වෙන් වෙන බව අහන්නට ඇත. එසේම පොදු ජන පෙරමුණේ සිට අරගලයට බයේ විපක්ෂයට ගිය මෛත්‍රී , ඩලස් විමල් ආදීන්ද වෙනම සන්ධාන ගත වීමට සාකච්ඡා පවත්වමින් සිටින බවත් රහසක් නොවේය. එසේම සජිත් සමඟ මෙතෙක් හිටි කෙසෙල් ඇවරි පවා මෙවර සජබ ලැයිස්තුවෙන් ඉවත්ව ඇත.

ඒ අනුව ආණ්ඩු විරෝධී කියන ජන්ද පදනම කැඩුණු පක්ෂ කල්ලි, කුඩා සන්ධාන ලෙස විසිර ගිහින්ය. එය සමස්තයක් ලෙස සැලකීමේදී සජබ ඡන්ද පදනමට වදින මරු පහරක් බව පැහැදිලිය. 2015 ජනාධිපතිවරණ ඡන්දය පැරදුණු, අනතුරුව 2016 අගෝස්තුවේ මහ මැතිවරණයත් පරාජය වූ රාජපක්ෂවරුන් පොදු ජන පෙරමුණ හදා 2018 පළාත් පාලන මැතිවරණය දිනුවේ තනි පක්ෂයක් ලෙස නොව, යහපාලන ආණ්ඩු විරෝධී පුළුල්ම සන්ධානය ගොඩනඟමින්ය. සජබ මේ අහිමි කරගෙන ඇත්තේ අන්න එවැනි අවස්ථාවක්ය.

ඉතිහාසය මෙවැනි අවස්ථා නිතර නිර්මාණය නොකරන අතර, සජිත්ට සජබ යනු මහන්සියක් නැතුව කටට වැටුණු පක්ෂයක් නිසා බලය සම්බන්ධව අභ්‍යාසයේදී මෙවරත් සුපුරුදු අසාර්ථකත්වය අත්කරගෙන ඇත. මැතිවරණ වේදිකා හමුවේ කොහොම තිබුණත් ජවිපෙ ද මේ මැතිවරණය තුළ තීරණාත්මක වන්නේ නැත.

ඉතිහාසය මෙවැනි අවස්ථා නිතර නිර්මාණය නොකරන අතර, සජිත්ට සජබ යනු මහන්සියක් නැතුව කටට වැටුණු පක්ෂයක් නිසා බලය සම්බන්ධව අභ්‍යාසයේදී මෙවරත් සුපුරුදු අසාර්ථකත්වය අත්කරගෙන ඇත. මැතිවරණ වේදිකා හමුවේ කොහොම තිබුණත් ජවිපෙ ද මේ මැතිවරණය තුළ තීරණාත්මක වන්නේ නැත.

අනෙක් අතට මෙතෙක් කල් හවුලේ ආණ්ඩුවේ අවුල් කීවත් දැන් වෙන වෙනම යන්න සිදුව ඇත්තේ ගමටය. එහිදී බස්වල නැඟී පාසල්වලට ගිහින් කියන Òපාසල් බොරුÓ දේශපාලනය වලංගු වන්නේ නැත. බොරු සංදර්ශනවලට ඉඩක් ජනතාව තුළ නැත. ගමට ගොස් ගම හදන හැටි, නගරයට ගොස් නගරය හදන හැටි වගේම බංකොලොත් රටේ ඒ වෙනුවෙන් මුදල් සම්පාදනය කරගන්න හැටිත් ජනතාවට කියන්න මේ උදවියට සිදුව ඇත. වෙන වෙනම ගිහින් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට දෙන විසඳුම් ගැනත් කියන්නට ඇත. දැන් ප්‍රශ්නය වන්නේ පම්පෝරි, කයිවාරු මිස වැඩපිළිවෙළක් නැති විපක්ෂය සීසීකඩ බෙදී ගමට ගිහින් කියන්නේ මොනවාද යන්නය. සැබවින්ම ජනාධිපතිවරයා මේ මොහොතේ රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කර ඇත. ඒ වෙනුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ආරාධනා කර ඇතත් විපක්ෂය ඊට සහය දෙන්නේ නැත. වඩාත් විශේෂ කරුණ වන්නේ ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙළට විකල්පයක්ද විපක්ෂය සතුව නොතිබීමය. ඒ කියන්නේ, එකට ගියත් බෙදිලා ගියත්, ජනතාව හමුවේ ඇත්තටම කියන්න දෙයක් විපක්ෂයට නැති බවය.

ඒ අනුව සජබ ප්‍රමුඛ විපක්ෂය මැතිවරණය පැවැත්වීමට පෙරත් අර්බුදයේය. ඒ අතර ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇතැයි කියන පොදු ජන පෙරමුණ කාටත් කලින්ම මැතිවරණයට සූදානම්ව ඇත. ඒ බව තහවුරු කරන්නේ පසුගිය 05 වෙනිදාම ඇප මුදල් තැන්පත් කිරීමට ඔවුන් කටයුතු කළ නිසාය. ඉස්සර කතා මොනවා වුණත්, අද වන විට ජනතාව වෙත ගිහින් කියන්න කතාවක් මේ වන විට ඔවුන්ටත් ඇත. ඒ පාක්ෂිකයාද රැකගෙන ජනාධිපතිගේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යන බවය. ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වමින් රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙළේ නියාමක කාර්යයට තමන් බද්ධ වී සිටින බවය. අරගලය අස්සේ හතර ගාතෙන් වැටුණු පොදු ජන පෙරමුණ පවා කියන්න දෙයක් ඇතුව ගමට යන්නේ එහෙමය.

අරගලය අස්සේ බලය ගැනීමට අවස්ථාව තිබූ විපක්ෂය කියන්න දෙයක් නැතුව අද ගමේ යන හැටි හිතමින් ඉන්නේ අන් කිසිවක් නිසා නොව ඔවුන්ගේ නරුම නොමේරූ දේශපාලනය නිසාය. විපක්ෂය උත්සාහ කළේ ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම කියා ජනතාව අන්දවන්නටය. ඒ අන්දවා ජනාධිපති රනිල් මැතිවරණ නොතබන පොලිස් රාජ්‍යයක් වෙනුවෙන් වැඩ කරන පාලකයකු කියා ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය කුඩු කරන්නටය.

සාමාන්‍යයෙන් දේශපාලනයේදී බාල්දු වූ තුරුම්පු නැවත අදින්නේ නැත. නොමේරූ විපක්ෂය වරද්දා ගත්තේ එතැනය.

Ò මට මේ වරම ලැබුණේ ආර්ථික අර්බුදය වසරකින් අවසන් කරන්න. ඒ නිසා මැතිවරණ වැඩවලට මම එන්නේ නෑ. ඔයාලා මැතිවරණ වැඩ කරගන්නÓ මේ කතාව ජනාධිපතිවරයා කියා තිබුණේ එජාප ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවති සාකච්ඡාවක් අවස්ථාවේය. ජනාධිපතිවරයා මෙසේ තමන්ගේ ස්ථාවරය කියන්නේ අනෙක් පසින් මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුව ගැනීමේ නිදහස කොමිසමට දෙන ගමන්ය. එපමණක් නොව, මීට මාස පහ හයකට පෙර යුගයේදී තමන් මුහුණ දුන් දැඩී පීඩාකාරී ආර්ථික තත්ත්වයන්ගෙන් යම් තරමකට හෝ සහනයක් අත්කර ගැනීමට ලැබුණේ කොහොමද? කවුරු නිසාද? කියන කාරණය සම්බන්ධයෙන් ද මනා අවබෝධයක් මිනිසුන්ට ඇති පසුබිමකය. ඒ වගේම රට ගොඩ ගැනීමේ සැබෑ අවශ්‍යතාව වගේම දැක්ම වැඩපිළිවෙළ ඇත්තේ ජනාධිපති රනිල්ට බව ජනතාව තේරුම් ගනිමින් සිටින මොහොතකය.

විපක්ෂය මැතිවරණයක් ඉල්ලා හන්දි ගානේ රස්තියාදු ගහන විට, ජනාධිපතිවරයා සමඟ මිලියන 22ක ජනතාවක් සිටියේ අමාරුවෙන් නැඟිටිමින්ය. ඔවුන් කිසිවෙක් ඡන්දයක් ඉල්ලුවේ නැත. ඡන්දයක් ඉල්ලුවේ විපක්ෂයේ හෙන්චයියන් සුළුතරයක්ය. අමුතුවෙන් කියන්න දෙයක් නැත. මේ මොහොතේ ගමට මන්ත්‍රීවරු පත්කර ගත්තා කියා අලුතෙන් වෙන සුගතියක් නැති බව ජනතාව දන්නේ අත්දැකීමෙන් ය.

විපක්ෂය මැතිවරණයක් ඉල්ලා හන්දි ගානේ රස්තියාදු ගහන විට, ජනාධිපතිවරයා සමඟ මිලියන 22ක ජනතාවක් සිටියේ අමාරුවෙන් නැඟිටිමින්ය. ඔවුන් කිසිවෙක් ඡන්දයක් ඉල්ලුවේ නැත. ඡන්දයක් ඉල්ලුවේ විපක්ෂයේ හෙන්චයියන් සුළුතරයක්ය. අමුතුවෙන් කියන්න දෙයක් නැත. මේ මොහොතේ ගමට මන්ත්‍රීවරු පත්කර ගත්තා කියා අලුතෙන් වෙන සුගතියක් නැති බව ජනතාව දන්නේ අත්දැකීමෙන් ය

මැතිවරණයක් වෙනුවෙන් බිලියන 12ක් හෝ ඊට වඩා වැඩි ගණනක් නිකරුණේ වියදම් කරවන්න බල කෙරුණු විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී ළදරු වලිප්පුව උත්සන්න වන විට බඩු මිල අහස උසටය. බංකොලොත් ආර්ථිකය නිසා මිනිසුන් වෙනුවෙන් සැලකිය යුතු සහනයක් දීමත් ඇත්තේ ඉතා දුෂ්කර තත්ත්වයකය. වේලක් කන්න නැතිව ඉන්න මිනිස්සු, දුවා දරුවන්ගේ පාසල් පොත් පත් ටික, ඇඳුම් පැළඳුම් ටික ගන්න අමාරුවෙන් සිටින මාපියන්, බෙහෙත් ටික ගන්න මුදල් නැතිව ඉන්න අසරණ රෝගීන්, රැකියා ව්‍යාපාර ආදායම් අඩු වී කරකියා ගන්න දෙයක් නැතිව සිටින ජනතාවගේ මූලික ප්‍රශ්න එසේමය. විපක්ෂය බිලියන ගණන් වෙන් කර ඡන්ද ප්‍රචාරක ව්‍යාපාර දියත් කරවන්න බල කෙරුණේ එහෙම ජනතාවක් වෙතය. දේශපාලන පක්ෂ අපේක්ෂකයන් මිලියන ගණනින් මුදල් නාස්ති කර පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙන්න සිදු වන්නේ එහෙම සිටින ජනතාවක් වෙත ගිහින්ය. විපක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකටය. ඉතින්, සිංහයා සොයා කැලයට ගිය නිවට විකටයාට සිංහයා ඉන්න තැන හරියටම දැනගත් වේලාවේ ඇතිවූ ආතතිය මැතිවරණය කැඳවීමට කොමිසම ක්‍රියා කළ සැණින් විපක්ෂයට ඇති වීම ගැන පුදුම විය යුතුද ?

කුලසිරි ලියනගේ

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *