රනිල්ගේ ඉල්ලීමට දිල්රුක්ෂිගේ තීන්දුවේ වෙනසක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනක කළ ප්‍රකාශයත් සමග, අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය ධූරයෙන් අස්වීමට ගත් තීරණය වෙනස් කර ඇතැයි වාර්තා වේ.

එම තීරණය වෙනස් කරනු ලැබුවේ අගමැතිවරයා දුන් උපදෙස් අනුව බව පැවසේ.

වාර්තා වන අන්දමට ජනාධිපතිවරයා ඇය හෝ වෙනත් කිසිඳු නිලධාරියකු ඉලක්ක කර එම ප්‍රකාශය නොකළ බව ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතුන් කිහිපදෙනෙකු ද ඇයට දුරකථන ඇමතුම් දෙමින් පැහැදිලි කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *