මග එන අයට ඉඩ දෙන්න ගිහින් එජාපය අවුලක !

 

වෙනත් පක්ෂවලින් එජාපයට එක්වීමට සාකච්ඡා කොට එකඟ වී ඇති පාර් ලිමේන්තු මැති ඇමතිවරුන්ට සහ ඔවුන් සමග එන ආධාරකරුවන්ට තනතුරු වෙන්කර තබා ගැනීමට සිදුවීම නිසා එක්සත් ජාතික පක්ෂය අවුලක පැටලී සිටින බව තතු දත් ආරංචි මාර්ග කියයි.

ඉදිරි මැතිවරණ එජාපයෙන් තරඟ වැදීමට එකඟ වී සිටින ඇතැම් මැති ඇමතිවරුන් සඳහා ආසන සංවිධායක ධුර වෙන්කර තැබීමට පක්ෂයට සිදු වී ඇති බව කියති. එම තත්ත්වය නව ආසන සංවිධායකයින් පත්කිරීම පිලිබඳ ගැටළු මතු වී තිබේ.

පළාත් පාලන මැතිවරණයේ දී එම මැති ඇමතිවරුන්ගේ අනුගාමික පිරිස්වලට අවස්ථාව සැලසීම පිළිබඳව ද ප්‍රශ්න මතු වී තිබේ.

මෙලෙස මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වෙනත් පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක් ඉදිරියේ දී එජාපයෙන් නාම යෝජනා ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *