ශ්‍රී ලන්කන් බෝනස් සාධාරණ බව ජවිපෙ වෘත්තීය සමිතිය කියයි

 

ප්‍රකෝටි ගණනින් පාඩු ලබමින් පවත්වාගෙන යන  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවක පිරිස වෙත ලබාදුන් මුදල හිමිවීමට තිබූ දෙයක් බව එහි අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කළේ යැයි ලංකා සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි. අන්තර සමාගම් සේවක සංගමය යනු ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ පවතින වෘත්තීය සමිතියකි.

එම වාර්තාවේ සඳහන් අන්දමට සේවක සංගමයේ පරිපාලන ලේකම් නිසල් අධිකාරි මහතා පෙන්වා දෙන්නේ මෙම බෝනස් මුදල ලබාදීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම රජයට කිසිදු අලාභයක් සිදු කරනු නැති බවත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන නැති බවත්ය.

කොරෝනා සමයේ පවා ජීවිත අවදානම් දරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවැති තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබීමට කාර්යමණ්ඩලය ඉමහත් සේවාවක් කළ බවත් එනිසා මෙම බෝනස් මුදල් ඔවුන්ට හිමිවිය යුතු බවත් ඔහු පවසා තිබේ.

මෙසේ බෝනස් මුදල ලෙස ලබා ගත්තේ පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ආයතනයේ සේවකයන් ඉතා දුක් මහන්සියෙන් උපයා දුන් මුදල් බවත් අධිකරණ නියෝගයකින් පවා  එම අයිතිය තහවුරු කරගත් බවත්  ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලන්කන් සමාගම ප්‍රකෝටි ගණන පාඩු පිට පවතවාගෙන යන්නේ මහා භාණ්ඩාගාරයේ ඇපවීම මත ලබාගන්නා ඇති විශාල ණය ගැනීම් උපයෝගී කරගෙන ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *