ඡන්දය ඉල්ලු සමහරු දවල් මිගෙල් රෑ දනියෙල් සෙල්ලමක !

 

පළාත් පාලන ඡන්දය අවශ්‍ය බවට හඬ නැගූ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් ඡන්දය තියන්න එපා කියා පෞද්ගලිකව ප්‍රකාශ කළ බව එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පක්ෂයේ  ඉහළ පෙළේ සාකච්ඡාවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇති බව වාර්තා වෙයි.

ප්‍රසිද්ධියේ සහය දීම කළ නොහැකි නමුත් මේ වෙලාවේ ඡන්දය නොතිබිය යුතු බව ඔවුන් ප්‍රකාශ කළ බව ද ඒ මහතා කියා තිබේ.

රවී කරුණානායක මහතා ද එම තොරතුර තහවුරු කොට තිබේ.

මේ අතර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය දා පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේ ඡන්දය තියන්න එපා කියා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තමන් සමග පැවසු බවයි.

කෙසේ වෙතත් මේ මොහොතේ ඡන්දය කල් දැමිය හැක්කේ පාර් ලිමෙන්තුවෙන් හෝ අධිකරණයෙන් හෝ පමණක් බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *