පොහොට්ටුව ලොකු අවුලක ; දිස්ත‍්‍රික් නායකයෝ නාම යෝජනා හැදීම මග හරිති

 

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා සකස් කිරීමේදී ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබේ.

ඒ එම පක්ෂයේ ඇතැම් දිස්ත්‍රික් නායකයන් විසින් නාමයෝජනා සකස් කිරීම සඳහා මැදිහත්වීමට ප්‍රතික්ෂේප කිරීමයි.

දිස්ත්‍රික්ක කිහිපයකම නායකයන් සඳහන් කර ඇත්තේ තමන්ට වෙනත් වැඩ රාජකාරි ඇති නිසා නාමයෝජනා සකස් කිරීම වෙනත් කිසිවකු වෙත පවරන ලෙසයි.

මේ හේතුවෙන් දැනටමත් දිස්ත්‍රික්ක කිහිපයකම පක්ෂයේ දෙවන පෙල ක්‍රියාකාරීන් වෙත නාමයෝජනා සකස් කිරීම බාර දී තිබේ.

මේ අතර එම පෙරමුණේ හිටපු පළාත් පාන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මැතිවරණයට තරග කිරීම සදහා නාමයෝජනා ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කලකිරීමෙන් යුතුව ඔවුන් මෙවර මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *