විදුලිය කැපීම අවසන් වන ලකුණු

 

දැනට පවත්වාගෙන යන පැය දෙකයි විනාඩි විස්සක විදුලිය කැපීම ලබන සතියේ සිට අඩුකළ හැකි වනු ඇතැයි ද , ඇතැම් විට විදුලි කැපීම අවසන් කළ හැකි වනු ඇතයි ද විදුලි බල ක්ෂේත්‍රයේ අපගේ ආරංචි මාර්ග කියයි.

ගල් අඟුරු තොග ලැබීම නිසා නොරච්චෝලේ බලාගාරය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වීමත් , ජල විදුලි නිෂ්පාදනය ද තරමක් සතුටුදායක මට්ටමක පවත්වාගෙන යාමට හැකි වීමත්, තාප බලාගාර සඳහා දැවිතෙල් සහ අනෙක් ඉන්ධන ලබාගත හැකි වීමත් , නිසා මෙම තත්ත්වය පවතී.

කෙසේ වෙතත්, ඉදිරි අවශ්‍යතා සඳහා ජල විදුලි නිෂ්පාදන හැකියාව සුරැකිව පවත්වාගෙන යාම සැලකිල්ලට ගෙන මේ පිලිබඳ තීරණ ගනු ඇතැයි කියති.

කෙසේ වෙතත්, ගල් අඟුරු සහ ඉන්ධන සඳහා ගෙවීම් කිරීමට ලංවිමට ඇති නොහැකියාව තවමත් බරපතළ ප්‍රශ්නයක් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *