පුංචි ඡන්දයට විපක්ෂය පෙරමුණු පහක් ලෙස බෙදෙයි ?

 

පළාත් සභා මැතිවරණයේ දී පාර්ලිමේන්තු විපක්ෂය කණ්ඩායම් පහක් හෝ වැඩි ගණනක් ලෙස තරඟ වදිනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය. දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය වෙනම කණ්ඩායම් ඉදිරිපත් කිරීමට මේ වනවිටත් තීරණය කොට අවසන් ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස් ජාතික සභාව සහ උත්තර ලංකා සන්ධානය එක් පෙරමුණක් ලෙස තරඟ වදින බව ප්‍රකාශ කොට ඇතත් එය තවමත් ස්ථිර වී නැත. ශ්‍රීලනිප නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා නුවරඑළියේ දී ඊයේ ප්‍රකාශ කොට ඇත්තේ තම පක්ෂය සියලු පළාත් පාලන ආයතන සඳහා තනිව තරඟ වදින බවයි.

විපක්ෂයේ සිටින කුඩා පක්ෂ ඇතැම් ආයතන සඳහා තනිව තරඟ වැදීමටත්, අනෙක් තැන්වල සන්ධාන ගත වී තරංග කිරීමටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව පළාත් පාලන ඡන්දය විපක්ෂයේ බෙදුණු සටනක් වන බව පෙනෙන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *