පළාත් පාලන චන්දයේ දී පොහොට්ටුව තුනට බෙදෙයි ?

 

පළාත් සභා මැතිවරණය පැවත්වුනොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම් තුනක් ලෙස තරංග බිමට පැමිනෙනු ඇතැයි තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් රට පුරා තරඟ වැදීමට සුදානම්වන නමුත්, ඒ හා එක්  නොවන පිරිසක් ස්වාධින කණ්ඩායම් ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති අතර තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතව තරඟ කිරීමට සුදානමින් සිටින බව ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එකසත් ජාතික පක්ෂය ඇතුළු ආණ්ඩු පක්ෂය එක් පෙරමුණකින් තරග වැදීමට මුලින් තිබු අදහසට පොදුජන පෙරමුණේ ම පිරිසක් විරුද්ධ වීම නිසා එම අදහස මේ වන විට අත්හැර දමා ඇත.

ආණ්ඩුව සමග එක්  වූ ශ්‍රීලනිප කණ්ඩායම ද එජාප සමග සන්ධාන ගතවීමට සාකච්ඡා කරමින් සිටිති. ඇතැම් පළාත් පාලන ආයතන සඳහා මෙම කණ්ඩායමෙන් ස්වාධින කණ්ඩායම් ඉදිරිපත් කරන බව ද කියති. එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් තරඟ වැදීම ගැන ද මෙම කණ්ඩායම සලකා බලමින් සිටියි.

ආණ්ඩු පක්ෂය මෙලෙස බෙදී තරඟ කිරීම නිසා කිසිදු කණ්ඩායමකට සහය නොදී ස්වාධිනව සිටීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට තිබේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමිය යුතු බවට ප්‍රබල මතයක් ආණ්ඩුව තුළ ඇතත්, ඒ සඳහා ඇති නීතිමය තත්ත්වය ගැටළු සහගත බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *