දැන් මැතිවරණයක් තිබ්බොත් ලෝක වාර් තාවක් පිහිටුවිය හැකියි – මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය

 

 රට බංකොළොත් වී තිබිය දී මුදල් අච්චු ගසා පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේදී  පැවැත්වුවහොත් එය ලෝක වාර් තාවක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කොට ඇත.

එසේ කළහොත් මුදල් මුද්‍රණය කර පළාත් පාලන මැතිවරණයක් පවත්වන එකම රට ලෙස ඉතිහාස ගතවන බවද ඒ මහතා පවසයි

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කොට තිබේ.

” ඡන්දය තියන්න පුළුවන් ලෝක වාර්තාවකුත් එක්ක. මොකක්ද ලෝක වාර්තාව. ලෝකයේ දැවැන්තම ආර්ථික අර්බුදයක ඉන්න රටක්.මුදල් මුද්‍රණය කරලා පළාත් පාලන මැතිවරණයක් තිබ්බා කියන එක ලෝක වාර්තාවක් තමයි.  එහෙමනම් මැතිවරණය තියමු”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *