ගල් අඟුරු පළමු නැව එයි ; ගොඩබෑම අරඹයි

ගල් අඟුරු ටොන් 60,000 ක් රැගත් පළමු නැව අද පුත්තලම වරායට ළඟා වූ බවත් එහි ගල් අඟුරු ගොඩබෑම ආරම්භ කළ බවත් ලංකා ගල් අඟුරු සමාගම ප්‍රකාශ කරයි.

ඒ අනුව නොරච්චෝලේ බලාගාරය සම්පුර්න ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත.

ලංවිම ඉන්ජිනේරු සංගමය ප්‍රකාශ කොට තිබුණේ ගල් අඟුරු ලබා ගැනීමට රජය පියවර ගෙන නැති බව සහ ජනවාරි මුල වන විට පැය 10 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදු වන බවත් ය.

එබඳු කිසිදු අනතුරක් නැති බව රජය දිගට ම ප්‍රකාශ කළේය.

රජය කියන්නේ විදුලි කැපීම ඉදිරියේ දී තවත් අඩු කළ හැකි වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *