විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව පාර් ලින්තුවට !

 

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූ පසුව එය පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කොට ඇති බව තතු දත් ආරංචි මාර් ග  කියයි.

එම යෝජනාව සමග එහි අවශ්‍යතාවය පිලිබඳ වාර්තාවක් මෙන් ම පීඩාවට පත්වන ජනයාට සහන සැලසීම සඳහා ගන්නා පියවර ගැන ද පාර් ලිමේන්තුව දැනුවත් කරනු ඇතැයි කියති.

ඒකක හැටකට අඩුවෙන් විදුලිය පාවිච්චිකරන ජනයාට ඍජු සහනාධාරයක් ගෙවීම සහ සියලු ආගමික ස්ථානවලට සුර්ය විදුලි පද්ධති නොමිලේ ලබාදීම ඇතුළු අනෙකුත් යෝජනා ද ඒ සමග ඉදිරිපත් කෙරෙනු ඇත.

මුදල් ඇමතිවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ම මෙම යෝජනා පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ඇති බව ද අපගේ ආරංචි මාර්ග කියයි.

නව විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරීම ඉන් පසුව සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *