GMOA බදු පෙත්සම නොමැතිව කොළවලට අත්සන් එකතුකරයි

 

උපයන විට ගෙවීමේ බද්දට එරහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කිරීමට යන පෙත්සම නොපෙන්වා වෛද්‍යවරුන්ගෙන් කොළවලට අත්සන් එකතු කරන බව වෛද්‍යවරු කියති.

එම කොළවල අත්සන් කරන පෙත්සම හෝ අත්සන් කරන්නේ කුමකට ද යන්න හෝ සඳහන් නොවේ. වෛද්‍ය නිලධාරියාගේ නම සහ සේවා අංකය සඳහන් කොලවල අත්සන් කිරීමට තීරුවක් වෙන් කොට තිබේ. සියලු වෛද්‍යවරුන්ට එම කොළවලට අත්සන් කරන ලෙස බලකර කියන බවත්, වෘත්තීය ප්‍රශ්න අත්වීමේ ඉඩ නිසා තමන් එයට අත්සන් කළ බවත්, ඇතැම් වෛද්‍යවරු කියති.

උපයන විට ගෙවීමේ බදු ක්‍රමය 2019 දෙසැම්බරයේ ගොටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අහෝසි කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම අනුව ය. එමගින් රජයේ ආදායම් අහිමිවීමෙන් ඇති වූ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වීම නිසා අවසානයේ ගොටාභය ජනාධිපතිට තනතුරින් ඉවත්වීමට ද සිදුවීය.

දැන් මෙම රජය යලි එම බදු ක්‍රියාත්මක කර අර්බුදයට මුහුණ දෙන්නට සැරසෙන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෘත්තීයවේදීහු  යලිත් එයට එරෙහි වී සිටිති.

රජය කියන්නේ රටේ ඉහළ ම ආදායම් ලබන සියයට 10 ට බදු පනවන්නේ සියයට 90 කට සහන සැලසීමට බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *