ගල් අඟුරු නැව් හත ළඟම එයි ; පළමු නැව අද පුත්තලමට

 

ගල් අඟුරු රැගත් නැව් හතක් මේ දිනවල ශ්‍රී ලංකාවට ළඟා වෙමින් පවතී. ඒ අනුව ජනවාරි 6, 7, 13, 20, 23, 27, 31 යන දිනවල මෙට්‍රික් ටොන් 60000 බැගින් වූ ගල් අඟුරු නෞකා මෙරටට පැමිණීමට නියමිත බව ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා   පැවසීය.

මේ ගල් අඟුරු නැව් පුත්තලම වරායේ ගොඩබෑමට නියමිත අතර, අනතුරුව ඒවා නොරොච්චෝලේ විදුලි බලාගාරය වෙත ප්‍රවාහනය කෙරේ.

කවුරුන් කෙසේ කීවත් නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු හිඟයකින් තොරව සැපයිය හැකි බවත්, ඒ අනුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකි වන්නේ යැයිද ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සඳහන් කළේය. මේ වන විට ණයවර ලිපි නිකුත් කිරීමේ ගැටලුවක් මෙරට ඇති හෙයින් තමන් සැපයුම්කරු සමග එකඟ වී ඇත්තේ ගල් අඟුරු නැවට පටවන අවස්ථාවේදී සම්පූර්ණ මුදලින් සියයට තිහක්ද නැවෙන් ගොඩබෑමේදී ඉතිරි සියයට හැත්තෑව ගෙවන පදනමට බව සඳහන් කළ සභාපතිවරයා පැමිණෙන සියලු ගල් අඟුරු නැව් වලට සියයට තිහක මුදල ගෙවා අවසන් කර ඇති බවද වැඩිදුරටත් පැවසීය.

රක්ෂණ ශ්‍රියන්ත

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *