මෛත්‍රීගේ ප්‍රකාශයෙන් පසු දිල්රුක්ෂි ඩයස් ඉල්ලා අස්වීමට තීරණය කරයි..?

රටේ විධායකයේ ඉහලම තැනැත්තාට, තම ආයතනය (අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම) පිළිබඳව, පවතින වැරදි අවබෝධය හේතුවෙන් සිදුකරන ලද ප්‍රකාශ නිසා, එහි අනාගත ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමේ ගැටළුවක් මතුවී ඇති හෙයින් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

දිල්රුක්ෂි ඩයස් මහත්මිය මේ වන විට මැලේසියාවේ නිල සංචාරයක නිරත වී සිටී. ඇය තම තීරණය පිළිබඳව අගමැතිවරයා හා විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කර ඇතැයි වාර්තා වේ. මේ වන විට FCID හා CID ප්‍රධානීන් තම විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා සමග විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පවත්වමින් සිටින බව සැලවන අතර එහිදී FCID හා CID ප්‍රධානීන් දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඉල්ලා අස්වන්නේ නම් තමනුත් ඇයව අනුගමනය කිරීමට සූදානම් බව දැනුම් දීමට යන බව වාර්තා වේ.

ජනපති රට යාමට කලින් දිල්රුක්ෂි හමුවෙලා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ තායිලන්තයේ සංචාරය කිරීමට ප්‍රථමයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් මහත්මිය කැඳවා විමර්ශණවල වත්මන් තත්වය පිළිබඳව විමසා ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ විමර්ශණ පිලිබඳව විශේෂයෙන් සඳහන් කිරීමට කරුණක් නොමැති බවයි.

එහිදී ජනාධිපතිවරයා දිල්රුක්ෂි ඩයස් මහත්මියගෙන් විමසා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවතින විමර්ශණ කටයුතුවල තත්වය කෙසේද යන්නයි. ඊට පිලිතුරු දී ඇති අධ්‍යක්ෂක ජෙනරාල්වරිය පවසා ඇත්තේ ඒ පිළිබඳවද විශේෂයෙන් සඳහන් කිරීමට ප්‍රගතියක් නොමැති බවයි.

අධ්‍යක්ෂක ජෙනරාල්වරිය ජනාධිපතිවරයා රටින් බැහැරව ගියපසු ගෝඨාභය රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසම මගින් උසාවියට ඉදිරිපත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා දැඩි ලෙස කෝප වී ඇත.  පදනම් ආයතනයේ පැවති රැස්වීමේදී ජනාධිපතිවරයාගේ දැඩි දෝශ දර්ශනයට අල්ලස් කොමිසම ලක්වීමට හේතුව මෙය බව ජනාධිපතිවරයාගේ සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

 

colomboxnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *