ඩුබායි ගිය හිටපු ජනපති යළි දිවයිනට

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත් වූ හිටපු ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද උදෑසන දිවයින පැමිණ තිබේ.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 650 ගුවන් යානයෙන් ඒ මහතා කටුනායකට පැමිණි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග තහවුරු කරයි.

හිටපු ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා ගිය බවට මුල දී වාර්තා වූ නමුත් පසුව වාර්තා වුයේ ඒ මහතාට ඇමෙරිකාවට යාමට වීසා ලැබී නැති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *