|

ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම 2023 දෙවන භාගයේ සිට – මහ බැංකුව කියයි

 

ශ්‍රී ලංකා ආර්ථිකය 2022 වසරේ දී සියයට 8.0කින් පමණ මූර්ත වශයෙන් සංකෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත්, 2023 වසරේ දෙවන භාගයේ සිට ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වී ඉන් ඉදිරියට වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව මේ බව කියා සිටී.

උද්ධමනය සහ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.

  • 2022 වසරේ මුල් භාගයේ දී සීඝ්‍රයෙන් ඉහළ ගිය උද්ධමනය, උද්ධමන පීඩන පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ප්‍රයත්න සහ රජයේ සැපයුම් අංශයේ ප්‍රතිපත්ති මෙන්ම ගෝලීය වශයෙන් මිල පීඩන සාපේක්ෂව අඩු වීම වැනි කරුණු හේතුවෙන් 2022 ඔක්තෝබර් මාසයේ සිට පහළ ගියේය.
  • උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ප්‍රවණතාව අඛණ්ඩව සිදුවෙමින් මතුපිට උද්ධමනය 2023 වසරේ පළමු භාගයේ දී පහළ ගොස් 2023 වසර අවසානය වන විට අපේක්ෂිත උද්ධමන මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා ‌‌කෙරේ. උද්ධමනය ඉදිරි කාලය තුළ ඉහළ යාමේ යම් අවදානමක් මතු වුවහොත්, එය සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුළනි් පාලනය කරනු ඇත.‍
  • අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ප්‍රවණතාව තුළ උද්ධමන අපේක්ෂ මනා ලෙස පාලනය වී පවතී.

අද දෙරණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *