ජනාධිපතිට ඩොන් ගිය දේශපාලන බලපෑම ඔහුගේම සගයන්ගේ – ඇවන්ගාඩ් නඩුවට බලපෑම් කළේ රාජිතයි , චම්පිකයි , අර්ජුනයි – තිලක් මාරපනට ගෙදර යන්න වුණේ ඒකට විරුද්ධ වූ නිසයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කේන්තියෙන් පැවසු ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුධපතිවරු තිදෙනෙක් උසාවියට රැගෙනගිය අවන්ගාඩ් සිදුවීමේදී එයට දේශපාලන පලපෑම් කළේ ජනාධිපති තුමගේම ගෝලයින් වන රාජිත සේනාරත්න , චම්පික රණවක , අර්ජුන රණතුංග යන ඇමතිවරුන් බව රටම දාන්න කාරණයකි .එකල එයට විරුද්ධව පාර්ලිමේන්තුවේදී කතා කළ තිලක් මාරපන ඇමතිවරයාට නිතිය හා සාමය අමාත්‍ය දුරය හැර දා ගෙදර යාමට සිදුවිය .

අවන්ගාඩ් සමාගම කරගෙන ගිය ව්‍යාපාරික කටයුතු නාවික හමුදාවට පවරන ලද්දේ ජනාධිපතිවරයාගේ නියෝගයකිනි . එයට මැදිහත් වුයේ ඉහත කි ඇමතිවරුන්ය .

තිලක් මාරපන ඇමතිවරයා කිවේ අවන්ගාඩ් නීති විරෝධී අවි ගබඩාවක්  නොවන බවයි . දැන් නීතිපතිවරයා ද ඒ බව තහවුරු කොට ඇත . මේ වනවිට නඩු පවර ඇත්තේ එම අවි ගබඩාවට අවසර දීමෙන් රජයට පාඩුවක් සිදු වූ බවටය .

කෙසේ වෙතත් නාවික හමුදාවට නැවත පැවරීමෙන් පසු මෙම ව්‍යාපාරය බරපතල ලෙස පිරිහීමට ලක්ව ඇති බව ද වාර්තා වී තිබේ .

දැන් ජනාධිපතිවරයාට ඩොන් ගොස් තිබෙන්නේ තමාගේම සගයින්ගේ වැඩකටය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *