අමාරු කාලය තව මාස හයක් පමණයි – ජනාධිපති ඇමති මණ්ඩලයට කියයි

 

රටේ ඉතා අමාරු කාලය අවසන්ව ඇති බවත්, එසේ වුව ද, මෙම වසරේ මුල් මාස හය තරමක් අපහසු කාලයක් බවත්, ඉන් පසුව රටේ සංවර්ධනය සිදු කළ හැකි වන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට ප්‍රකාශ කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

රට සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සහය ලබාදීමේ සහතික තමන්ට ලැබී ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත.

පෙරේදා පැවති මේ වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අමතා ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකොට තිබේ.

මෙය ජනප්‍රිය නොවන අමාරු තීරණ ගැනීමට සිදුවන කාලයක් බව ද ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයට පවසා ඇත.

කෙසේ වෙතත්, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ වසරේ දෙවන මාස හයේ දී තත්ත්වය යහපත් අතට හැරෙනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *