ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි දිශාවට ගමන් කරනවා – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා

ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි දිශාවට ගමන් කරනවා -කන්නි විග්නරාජා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සංවර්ධනය සඳහා සිදුකරන සැලසුම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබේ.

අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ ඇය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි දිශාවට ගමන් කිරීම අගය කරන බව පැවසූ කන්නි විග්නරාජා මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහය අඛණ්ඩව ලබාදෙන බවට ද සහතික වී තිබේ.

තිරසාර සංවර්ධන ඉලක්ක, හරිත ආර්ථිකය, සමාජ සහජීවනය සහ සමාජ ආරක්ෂණය පිණිස වූ සංවර්ධන වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඇය මෙහි දී සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර සහ දිගුකාලීන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන වැඩසටහන් පිළිබඳව ඇයව දැනුවත් කළ අග්‍රාමාත්‍යවරයා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ ප්‍රගතිය ද පෙන්වා දී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *