පොලී අනුපාත අඩු කිරීම නව වසරේ ප්‍රධාන අරමුණ යි – මහ බැංකු අධිපති නා හිමිවරුන්ට කියයි

 

රටේ දැන් පවතින අධික උද්ධමනය අඩු කොට පොලී අනුපාතය පහළ දැමීම ලැබුවා වූ වසරේ තම ප්‍රධාන අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර් නන්දලාල් වීරසිංහ මහතා මහ නා හිමිවරුන් බැහැ දැක ප්‍රකාශ කොට තිබේ.

නව වසර උදාවත් සමඟ අද පෙරවරුවේ මහනුවරට පැමිණි මහ බැංකු අධිපතිවරයා පළමුව  දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු මහාවිහාරයට ගොස් එහි මහනායක  තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහල්වතු පාර්ශවයේ මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව සහ  වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය පාලනය කිරීමේ ඉලක්කයේ ප්‍රගතියක් මේ වන විට පේන්න තියෙනව.

උද්ධමනය සාර්ථක අයුරින් පාලනය වෙමින් තිබෙනවා . එමගින් පොලී අනුපාතය පහළ ගිය විට ජනතාව මේ වන විට විඳින අසීරු කම්වලින් මිදී සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමට අවස්ථාව හිමිවෙනවා .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *