‘‘කැබිනට් යෝජනා පිළිගන්නේ නෑ‘‘ – උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක

 

විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවත් පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ‘සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරරීමට සූදානම් වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පැවසීය.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදය පැහැදිළිව පනතේ වෙනම දක්වා ඇති බව කී රත්නායක මහතා ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයෙන් ලැබුණ හොත් පමණක් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට තොරතුරු ලැබී ඇති බව කී රත්නායක මහතා කෙසේ වෙතත් මෙම අවස්ථාවේ රටේ පවතින තත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිඳු අවස්ථාවක් නොමැති බව ද වැඩි දුරටත් කීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කොළඹදී අද (1) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

(යොහාන් භාසුර)

ලංකාදීප

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *