ජනමතයට හරස්වීම සියදිවි නසාගැනීමකි – සී ජේ අමරතුංග – ලංකාදීප ගුරුදා විග්‍රහය – 2015.07.23

c-j-amarathungaසියලූ රජයේ දේපළ හා සම්පත් මැතිවරණ සඳහා විශාල ලෙස යොදාගැනීම පසුගිය කාලයේ බරපතළ ප‍්‍රශ්නයක්ව තිබිණි. ඇත්ත වශයෙන්ම එය වර්ධනය වූයේ නවසිය අසූ ගණන්වල සිට යැයි කිවහොත් වරදක් නැත. මෑත කාලයේ දී සිදුවූයේ එය උච්චස්ථානයකට පත්වීමකි. දැන් නැවත උත්සාහ දරමින් තිබෙන්නේ එම සම්ප‍්‍රදාය කණපිට හැරවීමටය.

මැතිවරණ නීති සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. මැතිවරණ සමයේ පෙළපාළි තහනම අද ඊයේ නීතියක් නොවේ. එය කාලයක් තිස්සේ මේ රටේ ක‍්‍රියාත්මක වුවද පසුගිය කාලයේ දිගටම සිදුවූයේ එය ප‍්‍රසිද්ධියේ උල්ලංඝනය කිරීමයි. නීතිය බවට පත්ව තිබුණේ  පෙළපාළි යාමයි. දැන් එය නවතින්නට යනවිට ඇතැම් අපේක්‍ෂකයන්ට එය මහා අසාධාරණයක් ලෙස දැනෙන බව පෙනෙන්නට තිබේ. ඔවුහු උත්සාහ දරන්නේ පෙළපාළි යාමට ය. මැතිවරණ නීතියට ගරුකරනවා කියමින් ඔවුහු පෙළපාළි යති. දැන් එවැනි අපේක්‍ෂකයන් ගණනාවකට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලිසියට සිදුව ඇත. මැතිවරණ සමයේ රාජ්‍ය බලය දේශපාලන බලය උපයෝගී කරගෙන නීති කැඞීමට එරෙහිව පෙනී සිටි ”යහපාලන” දේශපාලනඥයෝ ගණනාවක් ද මේ වනවිට නීතියේ රැුහැනට කොටුවී සිටිති. ඡුන්ද නීති කඩා පෙළපාළි ගිය දෙපැත්තේම දේශපාලනඥයන් හැසිරෙන්නේ තමන් කිසිදු වරදක් සිදුකොට නැති ආකාරයෙනි. නීතිය ක‍්‍රියාත්මක කිරීම ඔවුනට මහා විපතක් වී ඇති බව පෙනෙන්නට ඇත.

මෙම තත්ත්වයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ කාලයක් තිස්සේ මෙරට දේශපාලනඥයන් නීති කඩා මැතිවරණ කිරීමට හුරුවී සිටීමයි. ඉන් පසුගිය කාලයේ රටට වූ විපත ඇස්පනාපිට පෙනී ගිය ද ඉන් වෙනස් වන්නට මොවුහු සූදානම් නොවෙති. එදා එයින් බැට කෑ උදවිය අද එම මඟම ගන්නට උත්සාහ දරති. එයින් සමාජයට යළිත් වතාවක් වින කිරීමට උත්සාහ දරති. මෙයින් නැවත නැවතත් පෙන්නුම් කරන්නේ කාලයක් තිස්සේ මෙරට දේශපාලනය පිරිහීමට ලක්ව ඇති ප‍්‍රමාණයයි.

මැතිවරණ නීති ක‍්‍රියාත්මක කරමින් සර්ව සාධාරණ මැතිවරණයක් ක‍්‍රියාත්මක කිරීම මෙතරම් අපහසුවී තිබීමට හේතුවී ඇත්තේ කාලයක් තිස්සේ වෙනත් ක‍්‍රියාවලියක් තහවුරු වී තිබීමය. එනම් අවනීතිය නීතිය ලෙස පිළිගත් තත්ත්වයක් නිලවශයෙන්ම පැවැතීමයි. එම තත්ත්වයට හුරුවූවන්ට දැන් නියම මැතිවරණ නීතිය යටතේ මැතිවරණ ප‍්‍රචාරය කිරීමට සිදුවී තිබේ. එසේ වුවද එය ඔවුනට දරාගත නොහැකි වී ඇති බව පෙනෙන්නට තිබේ. මැතිවරණයේ දී රාජ්‍ය දේපළ අවභාවිතය කලෙකට පෙර පැවැතියේ සාමාන්‍ය සම්ප‍්‍රදායක තත්ත්වයෙනි. එකල කිසිවකු එම ක‍්‍රියා විවේචනය කළේ ද නැති තරම් ය. විවේචනය කළ ද ඒ ගැන එතරම් තැකීමක් ද සිදුවුණේ නැත.
නවසිය අසූ ගණන් වනවිට මහවැලි සංවර්ධන ව්‍යාපාරය සතුව වාහන විශාල සංඛ්‍යාවක් තිබිණි. මැතිවරණයක දී මෙම වාහනවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ආණ්ඩු පක්‍ෂයේ අපේක්‍ෂකයන්ගේ ප‍්‍රචාරක කටයුතු සඳහා වෙන්කර දීම එකල පැවැති සම්ප‍්‍රදාය විය. එකල පැවැති මැතිවරණයක දී තම ප‍්‍රචාරක කටයුතු සඳහා ඡුන්ද අපේක්‍ෂකයකු වාහන පහක් රැුගෙන ගියේ මෙම ලියුම්කරු ද එහි සිටියදීය. එදා එය සිදුවූයේ නිල කටයුත්තක ආකාරයෙනි.

එදා එම ආණ්ඩුව කරගෙන ගිය මෙම ක‍්‍රියාවලිය ඉන්පසුව පැවැති ආණ්ඩු මගින් වඩා වර්ධනය කොට ඉදිරියට ගෙන ගියේ කිසිදු ලජ්ජාවකින් බියකින් තොරවය. නවසිය අනූහතේ වයඹ මැතිවරණයේ දී තොග පිටින් හොර ඡුන්ද දැමූ බව රටම දන්නා කරුණකි. ඒ පිළිබඳව ප‍්‍රවෘත්ති වාර්තා පළවූයේ ඡුායාරූප ද සහිතවය. එම කටයුතු සඳහා උපයෝගී කොටගෙන තැබුණේ මැති ඇමැතිවරුන් සඳහා වෙන් කළ වාහන හා රාජ්‍ය ආයතනවල වාහනයි. ඡුන්දය අන්තිම ¥ෂිත වුවද ඒ ගැන කිසිවක්ම සිදුවූයේ නැත. ඡුන්දය ¥ෂිතයි කියා නායකයෝම එහි තීරණය පිළිගෙන ජයග‍්‍රාහකයන්ට නිලතල පිරිනැමූහ.

ඡුන්ද පෙළපාළි සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. එය ද බොහෝවිට කළේ පාලක පක්‍ෂයේ ඡුන්ද අපේක්‍ෂකයන් විසිනි. මැතිවරණ දිනයේම පෙළපාළි ගොස් තම ප‍්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරන්නේ ප‍්‍රතිවාදීන්ට තර්ජනාත්මක වන ආකාරයෙනි. එය ඔවුන්ගේ සාමාන්‍ය මැතිවරණ ව්‍යාපාරය බවට පත්ව තිබිණි.

ඊළඟ වටයේ දී එයට එක්වූයේ විශාල පරිමාණයෙන් දන්සල් දීම හා විවිධාකාර බඩු භාණ්ඩ බෙදාදීමය. ඡුන්ද අපේක්‍ෂකයන් තම පෞද්ගලික ධනය බෙදාදෙන ආකාරයෙන් භාණ්ඩ බෙදාදෙන ලද්දේ රජයේ මුදල්වලිනි. එනම් මහජන මුදලිනි. ඡුන්ද නීතිය අනුව නම් පෞද්ගලික ධනයෙන් වත් භාණ්ඩ බෙදීම තහනම්ය. රජයේ දේපළ පරිහරණය වඩාත් බරපතළ ¥ෂණයකි. එසේ වුවද ඒ සියල්ල මැතිවරණ ක‍්‍රමවේදය බවට පත්කොටගෙන තිබුණේ කිසිදු හිරිකිතයකින් තොරවය.

එකල තිබූ තවත් ඡුන්ද දුෂණයක් නම් හොර ඡුන්ද දැමීමයි. අතීතයේදී ද සුළු පරිමාණයෙන් මෙය ක‍්‍රියාත්මක වුවද වඩා බරපතළ ලෙස හොර ඡුන්ද දැමීම ක‍්‍රියාත්මක වූයේ නවසිය අසූ ගණන්වල සිටය. එහි ඉතාමත් අපකීර්තිමත් ඡුන්දය වූයේ 1982 පැවැති ජනමත විචාරණයයි. ඉන්පසුව පැවැති අතුරු මැතිවරණවල දී ද හොර ඡුන්ද දැමීම සිදුවිය. 1982 දීම පැවැති කැස්බෑව අතුරු මැතිවරණයට හොර ඡුන්ද දැමීමට මොරටුව සරසවියේ සමවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෝ ද සහභාගි වූහ. එය මෙහෙයවූ නායකයකු පසු කලෙක මෙම ලියුම්කරු සමඟ කීවේ හොර ඡුන්ද පන්දහසක් දැමීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කොට තුබූ බවයි.

එලෙස හොර ඡුන්ද දැමීම දිගටම සිදුවුවද පසුගිය කාලයේ එහි යම් පාලනයක් සිදුවූ බව පෙනෙන්නට තිබිණි. ඡුන්දය දීමට ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීම වැනි ක‍්‍රියාමාර්ග නිසා එම තත්ත්වය ඇතිවුවද ඒ සියල්ල සිදුවූයේ මෙම දූෂිත ක‍්‍රියාමාර්ගවලට එරෙහිව ජනමතය අවදිවීමත් සමගය.

මැතිවරණ ක‍්‍රමය මෙලෙස දූෂිත තත්ත්වයට පත්වීමත් සමඟ දේශපාලන ක‍්‍රමයම දුෂිත තත්ත්වයට පත්වීම ද දැකගන්නට ලැබිණි. මැතිවරණයේ දී යොදාගත් ආණ්ඩු බලය හා දේශපාලන බලය ඉන්පසුව යොදාගත්තේ තම තමන්ගේ මඩි තරකර ගැනීමටය. නීති විරෝධී ලෙස ධනවත් වීමටය. වෙනත් සියලූ ආකාරයේ අපචාර ක‍්‍රියාවලටය. පසුගිය කාලයේ අපට දක්නට ලැබුණේ එබඳු තත්ත්වයකි.
පසුගිය කාලයේ මහජනයා නැඟී සිටියේ දේශපාලනයේ සිදුවූ මෙම ජරාජීර්ණ තත්ත්වයට එරෙහිවය. ඒ සඳහා මහජන ව්‍යාපාර ගණනාවක් බිහිවනු අපට දක්නට ලැබිණි. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය හා මාදුළුවාවේ සෝභිත හිමියන් එයට පුරෝගාමී වැඩ කොටසක් ඉටුකළ බව කිව හැකිය. පිිවිතුරු හෙටක් ව්‍යාපාරය තවත් පැත්තකිනි. පුරවැසි බලය, යහපාලනය සඳහා මහජන සංවිධාන ආදී වශයෙන් විවිධාකාර පෙරමුණු ගොඩනගමින් නැඟූ හඬ එකකි. එනම් මෙම ජරාජීර්ණ තත්ත්වය වෙනස් කොට මෙරට යහපත් පාලනයක් නැතහොත් යහපාලනයක් ගොඩ නැඟීමයි. එනම් නීතිගරුක යුක්තිගරුක සමාජයක් ගොඩනැඟීමයි. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ඉටුකිරීමයි.

මෙරට දේශපාලන ව්‍යාපාරවලට ද දැන් කටයුතු කරන්නට සිදුවී ඇත්තේ මෙම මහජන හඬට අවනතවය. ඒ සඳහා පෙරමුණ ගත්තේ පසුගිය කාලයේ විපක්‍ෂයේ සිටි එක්සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණයි. ඒ සඳහා ඔවුන්ට තමන්ගේම මාර්ග තෝරාගන්නට සිදුවිය.

පසුගිය කාලයේ ආණ්ඩු බලයේ සිටි ඇතැම් කණ්ඩායම් ද මෙම ක‍්‍රියාවලියට ක‍්‍රියාකාරී ලෙස එක්විය. ඉන් ඉතාමත් තීරණාත්මක සාධකය වූයේ හිටපු ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමයි.

මෙම වර්ධනයේ ප‍්‍රතිඵලය වූයේ එවකට පැවැති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලනය අවසන් කිරීමයි. එය සිදුවූයේ ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණයෙන් රාජපක්‍ෂ මහතා පරදා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වශයෙනි.
ජනවාරි අට වැනිදා බල පෙරළිය සාමකාමී විප්ලවයක් ලෙස හඳුන්වනු ලබන අවස්ථා ද ඇත. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ද එලෙස හැඳින්වීය. එමෙන්ම ඔහුගේ ඉල්ලීම වූයේ ප‍්‍රතිවිප්ලවය පරාජය කිරීමය. මෙය ඇතැම්විට අතිශයෝක්තියක් ලෙස පෙනීයා හැකිය. එමෙන්ම බලයට පත් දේශපාලනඥයන් බලය රැුකගැනීමට හා වර්ධනය කරගැනීමට කියන කතාවක් ලෙස ද පෙනී යා හැකිය. එසේ වුවද ජනවාරි අට වැනිදා සිදුවීම තුළ සැබෑ විප්ලවයක ප‍්‍රධාන ලක්‍ෂණ තිබූ බව හොඳින් විමසීමේදී පෙනී යන කරුණකි.

විප්ලවය යන්න ආරම්භ වූයේ මාක්ස්වාදය සමඟ නොවුවද විප්ලව ගැන අධ්‍යයනය කිරීමේදී මාක්ස්වාදී අදහස් වැදගත් වෙයි. මාක්ස්වාදය යනු මූලික වශයෙන්ම මහජන විප්ලව සඳහා පෙනී සිටි දර්ශනයකි.

කාල් මාක්ස්ගෙන් හා ෆෙඞ්රික් එංගල්ස්ගෙන් පසුව මාක්ස්වාදී ව්‍යාපාරයේ ප‍්‍රධාන න්‍යායාචාර්යවරයා වූයේ ජර්මනියේ කාල් කෙලූවුට්ස්කිය. විප්ලවය සම්බන්ධයෙන් ඔහුගේ අදහස වූයේ සමස්ත ජනතාවගේ ක‍්‍රියාකාරී සහභාගිත්වයෙන් සිදුවන බල පෙරළියක් වශයෙනි. එනම් පාලන බලයේ සිටින කණ්ඩායමට සහායදෙන හා එයට කෙළින්ම සම්බන්ධ පාර්ශව හැරුණු විට සෙසු සමස්ත ජනතාව ස්වේච්ඡුාවෙන් කරන නැඟී සිටීමකි. එනම් ජනතාවගේ ක‍්‍රියාකාරී දායකත්වයෙන් සිදුවන පෙරළියකි.

පසුගිය ජනවාරි අට වැනිදා සිදුවීම් තුළ ද මෙම මහජන සහභාගිත්වය දක්නට තිබිණි. එය හුදෙක් එක් දේශපාලන පක්‍ෂයක් හෝ හවුලකට එරෙහිව තවත් හවුලක සටනක් වූයේ නැත. පාලක පක්‍ෂයට සහාය දුන් පිරිස හැර සමස්ත ජනතාවම එයට ක‍්‍රියාකාරී ලෙස දායකවූ බව පෙනෙන්නට තිබිණි. පුරවැසි සංවිධාන හතළිස් නවයක් එයට සහභාගි වූයේ ගිවිසුමක් යටතේය. එය ස්වෙච්ඡුා ගිවිසුමකි. බල පෙරැුළියට ස්වේච්ඡුා සහභාගිත්වය තහවුරු කරන්නකි. ඒ ඒ සංවිධානවලට එයින් ලැබෙන දෙයක් නොතිබිණි. තිබුණේ රට වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යභාරයකි.

තවත් කණ්ඩායම් හා පුද්ගලයන් මෙම ක‍්‍රියාවලියට සහභාගිවූයේ කිසිදු ගිවිසුම්ගත වීමකින් තොරවය. ඇතැමුන් අන්තර්ජාලයෙන් සටනට පිවිස සිටියේ තනි තනි පුද්ගලයන් වශයෙනි. ඔවුහු පොදු අරමුණට දායක වූහ. ජනාධිපතිවරණයේ දී මහා පෙරැුළියක් සිදුවූයේ ඒ සියලූ දෙනාගේ දායකත්වයෙනි.

දැන් යහපාලනය සෑම දෙනාගේම සටන් පාඨයක් වී ඇත්තේ ජනවාරි අට විප්ලවයට සම්බන්ධවූ මහජනයාගේ පොදු අරමුණ නියෝජනය වන පාඨයක් වශයෙනි. එය දැන් පක්‍ෂ නාමවලට එකතු කරගන්නට පටන්ගෙන තිබෙන්නේ ඒ නිසාය.

කෙසේ වෙතත් තවමත් ප‍්‍රශ්නය තිබෙන්නේ මෙම මහජන ක‍්‍රියාකාරීත්වයේ සැබෑ ස්වභාවය හා බලය එයට සහභාගි වූ හා නොවූ සියලූ දෙනා තේරුම්ගෙන ඇත්ද යන කරුණයි. එයට නායකත්වය දුන් උදවියට නම් ඒ ගැන යම් අදහසක් ඇති බව පෙනෙන්නට තිබේ. එසේ වුවද ඒ අවබෝධය ඊට සම්බන්ධ වූ සියලූ දෙනා තුළ ඇතිවී තිබේද යන්න පැහැදිලි නැත.

ජනවාරි අට පෙරළියේ හරය තේරුම් ගත් උදවියට නම් යහපාලන මූලධර්මවලට එරෙහිව කටයුතු කිරීමට හැකියාවක් ඇතැයි සිතිය නොහැකිය. එසේ වුවද එය හුදෙක් එක් පක්‍ෂයකින් තවත් පක්‍ෂයකට බලය මාරුවීමක් යැයි සිතන උදවිය ද සිටිය හැකිය. මහජනයාගේ ශුද්ධවූ වුවමනාවන් නොතකා ක‍්‍රියාකරන්නට එවැනි උදවිය පෙළඹීමේ හැකියාව දැන් සිදුවන දෙයින් හොඳින්ම පැහැදිලිය.

මැතිවරණ නීතිය හොඳින් ක‍්‍රියාත්මක කිරීමට දැන් මැතිවරණ කොමසාරිස්වරයාට අවස්ථාවක් ලැබී ඇත. එයට ඇත්තේ පුළුල් මහජන සහයෝගයකි. එමෙන්ම ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද ඒ සඳහා උපරීම දායකත්වය දීමට තීරණය කොට ඇති බව මෙතෙක් ක‍්‍රියාකාරීත්වයෙන් පෙනී යන කාරණයකි. මැතිවරණයට තම නිල රථය භාවිත කරන මැති ඇමැතිවරුන්ට ඒ සඳහා ගෙවීමට නියම කිරීම හොඳ උදාහරණයකි.

මේ සියල්ල මෙසේ සිදුවන්නේ පුද්ගලයන්ගේ යහපත් චේතනා නිසාම නොවන බව තේරුම් ගත යුතු කාරණයකි. මෙය ජනමතයේ බලපෑමයි. එහි ආනුභාවය හා ශක්තියයි.

කෙසේ වෙතත් මේ කිසිවක් ගැන බැ?රුම් ලෙස තේරුම් නොගෙන හැසිරෙන දේශපාලනඥයන් පිරිසක් ද සිටින බව පසුගිය දිනවල පෙනී ගිය කාරණයයි. එම පිරිස තවමත් හිතන්නේ මෙම තාවකාලික තහංචි කඩාගෙන තමන්ට පැරණි දේශපාලන ක‍්‍රියාකාරිත්වයට ආපසු යා හැකිවන බවයි. නීති කඩා පෙළපාළි යන්නේ, පෝස්ටර් ගහන්නේ, කටවුට් ගහන්නේ එසේ සිතා විය හැකිය. එමෙන්ම ඇතැම් රජයේ ආයතනවලින් පෙර දාතම යොදා පත්වීම් උසස්වීම් දෙන බව ද වාර්තාවී ඇත. රජයේ දේපළ හා වාහන ප‍්‍රසිද්ධියේ භාවිතය තහනම් වූ විට හොර රහසේ ඒවා පරිහරණය කරන දේශපාලනඥයන් ගැන ද දැනගන්නට ඇත.

මෙම ඇතැම් ක‍්‍රියාවලට නීතියෙන් දඬුවම් හිමිවිය හැකිය. එසේ සිදු නොවුණ ද මේවා දුරදිග ගෙනයාමෙන් වැළකී සිටීමට මෙම දේශපාලඥයන් කටයුතු නොකළහොත් එහි අනාගත ප‍්‍රතිවිපාක යහපත් විය නොහැකිය.

පැරණි දේශපාලනය තුළ හැදී වැඩුණු දේශපාලනඥයන්ට දැන් සිදුවන්නේ එක්කෝ මහජන මතයට අනුගතවන්නටය. නැතහොත් දේශපාලන වේදිකාවෙන් බැස යන්නටය.

මහජනයා මේ මොහොතේ ආරම්භකොට ඇත්තේ දිගු ගමනකි. එය අතරමග නතර කරන්නට දේශපාලනඥයන්ට ඉඩ නොලැබෙනු ඇත. සිදුවීමට වඩාත් ඉඩ ඇත්තේ දූ ෂිත දේශපාලනඥයන්ගේ ක‍්‍රියා මහජන බලපෑමෙන් නතර කිරීමට සිදුවීමය. මහජන විප්ලවයක ඉදිරි ගමනට හරස්වීම අවසානයේ සියදිවි නසාගැනීමක් වන බව ඒ සඳහා කැසකවන දේශාපලනඥයෝ තේරුම් ගත යුත්තෝය .

(ලංකාදීප ගුරුදා විග්‍රහය 2015.07.23 )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *