ඖෂධ මිලදී ගැනීමේදී ජනාධිපති මඟහැර නෑ – සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

 

මුදල් අමාත්‍යවයා වන ජනාධිපතිවරයා මඟහැර ඉන්දියානු සමාගමකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන්නේ යැයි පළවූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඉන්දීය ණය යටතේ ඖෂධ මිලදී ගැනීමට මුදල් අමාත්‍යවරයා හරහා කැබිනට් අනුමැතිය ලබාගත් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (28) පැවසීය.

ඖෂධ මිලදී ගැනීම සෞඛ්‍ය අමාත්‍යවරයාට තනි මතයට කළ නොහැකි සෞඛ්‍ය ලේකම්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙක් ඇතුළු කමිටුවක් ගන්නා තීරණයක් බව කී අමාත්‍ය රඹුක්වැල්ල මහතා ඉන් පසුව මිල කමිටුවකට ද ඉදිරිපත් කර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ද අනුමැතිය ලැබිය යුතු බව ද සඳහන් කළේය.

ඉන්දීය ණය යටතේ ඉන්දීය සමාගමකින් බෙහෙත් මිලදී ගැනීමට මේ දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී නොමැති බවත් බෙහෙත් මිලදී ගැනීමට ජනමාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් දුන්න ද එම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉතාමත් ප්‍රාථමික මට්ටමේ පවතින බවත් අමාත්‍යවරයා කීය.

බෙහෙත් මිලදී ගැනීම හාල් හෝ සීනි මිලදී ගන්නා මෙන් ඉන්දියාවට ගොස් ඇනවුම් කර සති දෙක තුනකින් ගෙඒමට නොහැකි වීම හේතුවෙන් රටේ පවතින බෙහෙත් හිඟයට කඩිනම් පිළියමක් ලෙස අදාල ඉන්දීය සමාගමෙන් බෙහෙත් මිලදී ගැනීමේ හැකියාව ඇති බවට පමණක් දන්වා ඇති බවත් බෙහෙත් ඇනවුම් කර ලබාගැනීමට අවම වශයෙන් මාස හතරක පමණ කාලයක් ගතවන බවත් අමාත්‍යවරයා කීය.

(යොහාන් භාසුර)

ලංකාදීප 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *