රහස් පොලිස් පරීක්ෂණවලට බියවී ධනසිරි අමරතුංග රටින් පනී!

2004 වර්ෂයේ දෙහිවල මස්කඩ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් නගරසභා භූමිය තුලදීම පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිවරයා සෘජුවම සම්බන්ධ යැයි මේ වන විට රහස් පොලිස් පරීක්ෂණවලින් හෙලිදරව් වී තිබේ.

එමෙන්ම 2004, 2005 සහ 2006 වසර වලදී දෙහිවල ගල්කිස්ස ආශ්‍රිත ප්‍රදේශවල සිදුවූ දේශපාලන ඝාතන කිහිපයකටම ධනසිරි අමරතුංග සම්බන්ධ බව වැඩිදුරටත් අනාවරණය වී ඇත. එකල දී මේ පිළිබඳව රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතත් ධනසිරි අමරතුංග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වීම මගින් එකී සියලු පරීක්ෂණ යටපත් කර ගැනීමට සමත් වී ඇත.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග නැවතත් එම පරීක්ෂණ රහස් පොලිසිය ඇරඹීම නිසා අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා ලවා එකී පරීක්ෂණ යටපත් කර ගැනීමට ධනසිරි අමරතුංග ප්‍රභල උත්සාහයක් දරා ඇති අතර එය අසාර්ථක වූ පසු මෙසේ ශ්‍රී ලංකාවෙන් පලා ගොස් තිබේ. ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ දින කිහිපයකට කලින් ඇමරිකා එක්සත් ජනපදයට යාම සඳහා ධනසිරි අමරතුංග වීසා ලබා ගත් බවයි.

ධනසිරි අමරතුංගට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණවලදී, රහස් පොලිසියට අනාවරණය වී ඇත්තේ, මිනී මැරුම්වලට අමතරව ඔහු විසින් අයථා ආකාරයට විශාල ධනයක් උපයා ඇති අතර එම ධනය යොදවා, දෙහිවල කඩවත පාරේ සුඛෝපභෝගී මැදුරක්ද, හැටන් මස්කෙලියේ විශාල වතුයායක හෝටලයක්ද,  ඉදිකර ඇති ආකාරයයි.

lankanewsweb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *