ගල් අඟුරු නැව් තිහක් මාර් තු 31 ට පෙර එයි ; ජනවාරියේ හතක්

 

ලබන ජනවාරි 1 සහ මාර් තු 31 අතර කාලයේ ගල් අඟුරු නැව් 33 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කොට ඇති බවත් එයින් නැව් 30 ක් අනිවාර්යයෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද ප්‍රකාශ කළේය.

ජනවාරි මාසය තුළ ගෙන්වා ගැනීමට සැලසුම් කොට ඇති නැව් සංඛ්‍යාව හතකි. ප්‍රථම නැව් තුන ජනවාරි 5 දා 9 දා සහ 13 දා මෙරටට පැමිණීමට නියමිත ය.

එක් නැවකින් ලැබෙන ගල් අඟුරු ප්‍රමාණය නොරච්චෝලේ බලාගාරය දින දහයක් සම්පුර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් වෙයි.

කෙසේ වෙතත්, නොරච්චෝලේ බලාගාරය නොකඩවා උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට නැති බව ද විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරීවරයා කියයි.

නොරච්චෝලේ බලාගාරයේ දැනට ඇති ගල් අඟුරු ප්‍රමාණය ජනවාරි 8 වැනිදා දක්වා ප්‍රමාණවත් බව ද ඒ මහතා කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *