සියයට හැටකින් විදුලි බිල ඉහළට ; දිළිඳු පවුල් ලක්ෂ 30 කට ඍජු මුදල් සහනාධාර

 

ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තු වැඩි කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවත්, එයින් පීඩාවට පත්වන දිළිඳු පවුල් ලක්ෂ 30 කට රජයෙන් ඍජු සහනාධාරයක් ගෙවීමට කටයුතු කරන බවත්, විදුලිබල සහ බලශක්ති ඇමති කාන්චන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේය.

එකක 30 කට අඩුවෙන් විදුලිය භාවිතා කරන පවුල් ලක්ෂ 14 කට සහ 60 කට අඩුවෙන් භාවිතා කරන පවුල් ලක්ෂ 16 කට මෙම ඍජු සහනාධාරය ගෙවන බව ඇමතිවරයා කී ය.

එමෙන් ම ආගමික ස්ථාන සඳහා ගාස්තු ද වැඩිකරන බවත්, ඒ සමග ඉන්දියානු ණය ක්‍රමය යටතේ සෑම ආගමික ස්ථානයකට ම කිලෝවොට් පහක සුර්ය පැනල නොමිලේ ලබා දීමට ක්‍රියා කරන බව කී ඇමතිවරයා එමගින් ඒකක 650 ට අඩුවෙන් භාවිතා කරන ආගමික ස්ථාන වල විදුලි බිල බින්දුව වනු ඇති ද පැවසී ය.

ඇමතිවරයා අද පැවසු ආකාරයට විදුලි ගාස්තු ඉහළ යාම සියයට හැටක් පමණ වනු ඇත

ඇමතිවරයා කීවේ කර්මාන්ත සඳහා විදුලි බිල වැඩි කිරීමේ දී සහනයක් දීමට බලාපොරොත්තු වන බව යි.

අනෙකුත් විදුලි පාරිභෝගිකයින්ට සුර් ය පැනල සවිකර ගැනීමට පසුගිය කාලයේ පැවති සහන නය ක්‍රමයට සමාන ක්‍රමයක් ලබා දීමට ද ඇමැතිවරයා බලාපොරොත්තු වෙයි.

විදුලි බිල වැඩි කිරීම නීත්‍යනුකුලව සිදු කරන බවත්, ඒ ගැන ඕනෑ ම කෙනෙකුට අධිකරණයට යා හැකි බවත් කී ඇමැතිවරයා අධිකරණයට යාමට තමන් ද සුදානමින් සිටින බව ද කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *