පාසල් පොත් ගන්න සහනාධාරයක් – ජනාධිපති රනිල්ගේ තීරණයක්

 

පාසල් පොත් සහ වෙනත් උපකරණ මිල ඉහළ ගොස් තිබීම සැලකිල්ලට ගෙන ඒවා මිල දී ගැනීම සඳහා සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන බව මුදල් ඇමැති , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අඛිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

සිරිකොත දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා කීවේ පාසල් පොත් මිල ජනතාවට විශාල ප්‍රශ්නයක් බව ජනාධිපතිතුමා පැවසූ බව යි.

පාසල් සිසුන්ට අවශ්‍ය මුද්‍රිත කියවීම් පොත් රජයෙන් ලබා දෙන නමුත් සටහන් පොත් සහ අනෙක් උපකරණ මිල දී ගත යුතුව ඇත. එම පොත්සහ භාණ්ඩ මිල මේ වන විට විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

මෙම වසරේ පාසල් අධ්‍යයන කටයුතු ප්‍රමාද වී ඇති අතර පාසල් තෙවැනි වාරය තවමත් අවසන් නැත. එබැවින් ලබන වසර සඳහා පාසල් ආරම්භ කිරීම තවත් මාස දෙකක් පමණ ප්‍රමාද වනු ඇතැයි කියති .

ඒ වනවිට පොත් සඳහා සහනාධාරය ලබා දීම රජයේ අපේක්ෂාව බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *