මැතිවරණවලට වියදම් කරලා ඉන්ධන නැතැයි කියන්න එපා – එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම්

 

මැතිවරණ වලට වියදම් කර විදුලි බලය, ඉන්ධන  ලබා ගැනීමට විදිහක් නැතැයි පස්සේ කියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මැතිවරණ  කොමසාරිස්වරයා කියන විදියට මුදල් තිබෙනවා නම් මැතිවරණ තිබුනට කමක් නැතැයි ද  මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න එක්සත් ජාතික පක්ෂය  සූදානම් යැයිද කාරියවසම් මහතා කීය.

මැතිවරණයට  රුපියල් බිලියන දහයකට වඩා යන අතර ඉදිරිපත් වෙන අයත්  සෑහෙන වියදමක් කරන බවද මෙහෙම ගියොත් අත්‍යවශ්‍ය දේවල් වලට මුදල් නැති තත්වයට පත් වෙන බවද කාරියවසම් මහතා පැවසීය.

පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අකිල විරාජ් කාරියවසම් මහතා මෙි බව කීය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *