yukthiya

මේ ප්‍රශ්න විසදන්න ඇමැතිවරයකුවත් එන්න ඕනෑ නැහැ ; කඹ අදින්නේ නැතිව ජනතා ප්‍රශ්න විසදන්න – ජනාධිපති නුවරඑළියේ දී කියයි

ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි‍ ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ දී පැවසීය.

තමා වෙත ඉදිරිපත් කෙරුණු ජනතා ගැටලුවලින් 50%ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට විසඳුම් ලබා දිය හැකි ඒවා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගැටලු විසඳීමට ජනාධිපතිවරයා නොව ඇමතිවරයෙකුවත් කොළඹ සිට පැමිණීම අවශ්‍ය නොවන බව කීය .

රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයකින් උපරිම ජනතා සේවයක් ඉටුකිරීමට කැපවිය යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම පිළිබඳ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව සකස් කරන ලද වාර්තාවක් පෙබරවාරි 04 වනිදාට පෙර තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එසේ වාර්තාවක් ඉදිරිපත් නොකළහොත් තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියාකරන බව ද පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *