පුත්තලමර බැරිවුනොත් ත‍්‍රිකුණාමලයට ගල් අගුරු ගොඩ බා ලොරිවලින් නොරොච්චෝලට අදිනවා –

 

නොරොච්චෝල බලාගාරයට ගල්අඟුරු සැපයීමේ කිසිදු ගැටළුවක් නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

අප්‍රේල් මස 25 වන දින විට අවශ්‍ය ගල් අගුරු නැවු ප‍්‍රමාණය මෙරටට ගෙන ඒමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.

නමුත් යම් ගල් අඟුරු ප්‍රමාණයක් එදිනට පෙර ගෙන ඒමට නොහැකි වූවොත් ත්‍රිකුණාමල වරායට ගල් අඟුරු ගොඩ බා ගොඩබිම් මාර්ග ඔස්සේ නොරොච්චෝල බලාගාරය වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

එනිසා පැය 8ක 10 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවද හෙතෙම සඳහන් කළේය.

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *