පැය 10 ක් විදුලිය කපන කතා බොරු ; ඉංජිනේරු සභාපති ගැන විනය පියවර ගන්නවා – ඇමැති කංචන විජේසේකර

විදුලිබල ඇමති දැඩි තීරණයක් ගනී

2023 වසරේ සිට දෛනිකව පැය 10ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවට පළවන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බවත්, අසත්‍ය ප්‍රකාශ කළ විදුලි ඉංජිනේරු සංගම සභාපතිට එරෙහිව විනය පියවර ගැනීමට උපදෙස් දුන් බවත්,  විදුලිබල හා බලශක්ති  අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම පමාවීම හේතුවෙන් ජනවාරි මාසයේ සිට දෛනිකව පැය 10ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ (20) පැවසීය.

අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම ප්‍රකාශය සිදුකළ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් බලධාරීන්ට උපදෙස් දුන් බවය.

විදුලි උත්පාදනයට ගල්අඟුරු සපයාගැනීමේ දී පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ මෙගා වොට් 300ක් පද්ධතියට අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ ප්‍රකාශ කළේය.

ඇමැති කාංචන විජේසේකර මහතා කියන්නේ වෘත්තීය සමිතියකට වුවත්, ත්‍රස්තවාදී කල්ලියක් ලෙස හැසිරීමට ඉඩ දිය නොහැකි බව යි.

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පියවර ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බව ද ඇමතිවරයා කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *