නව ව්‍යවස්ථාවක් සැකසීමේ ජනතාව ඉල්ලූවේ මොනවද? – පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න අනාවරණය කරයි

මහජනයා කතාකරපු දේවල් අහගෙන හිටපු කෙනෙක් විදිහට, මේ ව්‍යවස්ථා ලියැවිල්ල සකස් කරන්න සහභාගිවෙච්ච කෙනෙක් විදිහට මහජනයාගේ ඉල්ලීම් සම්පීඩනය කරල බලනව නම්, මහජනයා ඉල්ලන්නේ අයිතිවාසිකම් මත පදනම් වෙච්ච ව්‍යවස්ථාවක්. අපේ ව්‍යවස්ථාවන් හදනකොට බලන්නේ බලයෙ ඉන්න අයගේ බලය ගැන.  මොකක්ද මට තියෙන බලය කියලයි බලන්නෙ. 1978 ව්‍යවස්ථාව හැදුවෙ ‘එකක් හැර අනික් ඔක්කොම පුලූවන්’ කියන එක පෙන්නන්න. 1972 ත් එහෙම තමයි. බලය එක තැනකට ගොනු කරන එකක්. 1978 ව්‍යවස්ථාව ජනාධිපති බලය, ආණ්ඩුවෙ බලය විතරක් නෙමයි මුලූ සමාජයේම බලය එකතුකරල දුන්න. ‘මම ඉන්නෙ ඔබගාව, ඔබ ඉන්නෙ මම ගාව’ වගේ තත්ත්වයකට බලය එක අතකට ගත්ත. අන්තිමට ගමේ හන්දියෙ තියෙන ත‍්‍රීවීල් එක දක්වා දක්වා බලය හසුරවන්න පුළුවන් විදිහට සිවිල් බලය කේන්ද්‍රකරගත්ත. ඒකට කියන්නෙ පූර්ණ බලය කියල. (ඔදඒක ඡුදඇර* මහජනයා පෙරලූවේ මේ බලය තමයි.
මේ ව්‍යවස්ථාව හැදීමේදී සාකච්ඡුා වුන දේ තමයි, මහජනය කියනව අපිට යහපාළනය ගැන අයිතියක් තියෙනව කියල. අපිට හයපාලනයක් තියෙන ආණ්ඩුවක්  ඕනෙ. අපිට ඒ ආණ්ඩුවෙ නියෝජිතයො බුද්ධිමත්අය, වංචා ¥ෂණ සම්බන්ධ නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කැපවුණ අය අවශ්‍යයි කියල ජනතාව අපට කියල තියෙනව ආණ්ඩුක‍්‍රමය සකස් කරනකොට, මන්ත‍්‍රීවරු පත්කරන ඡුන්ද ක‍්‍රමය සකස් කරනකොට සලකාබලන්න කියල ඔවුන් කිව්ව. මහජනයා තදින් පැහැදිලි කළේ ඡුන්දයකදි සාධාරණ නිදහස් ඡුන්දයක් නැතිකම. මේ ගැන හිතලා අපේක්‍ෂකයන්ට අවශ්‍ය සුදුසුකම් දාන්න කියල ජනතාව ඉල්ලූව. ඒ වගේම ¥ෂිත දේශපාලකයන් එක්ක ඉන්න නිලධාරීන් ගැන. ජනතාව ඉල්ලන්නෙ ‘අපිට සාධාරණ පරිපාලනයකට අයිතියක් තිබේ’ කියන පදනම මත. මේ පරිපාලනය මගින් මහජනයාට ලැබියයුතු දේවල් ලැබෙන්නෙ නෑ. සමහර දුක්ගැනවිලි තිබුණ, ආණ්ඩුව තීරණය කෙරුවට, කැබිනට් එක තීරණය කෙරුවට චක‍්‍රලේඛය හදනකොට ඒක ලැබෙන්නෙ නෑ කියල. සමෘද්ධිය වැඩි කරන්න තීරණය කෙරුවට චක‍්‍රලේඛයෙ ඒක නැහැ. ඒ නිසා මේ පිළිබඳවද පරීක්‍ෂා කළයුතු බව මහජනයා පැවසුව. ඒ නිසා පොදුවේ මේ සඳහන් කරපු කරුණු තමයි මහජනයා ඉල්ලූවෙ.
මහජනතාව විශේෂයෙන්ම ඉල්ලූවේ හිතුවක්කාරී පාලනයකින් තොරව නිදහසේ ජීවත්වෙන්න තියන අයිතිය දෙන්න කියල. අපි ඇත්තවශයෙන්ම ඒ කරුණු ඇතුළත් කෙරුව. බලතල බේදීම ආදී දේවල්. මිනිස්සුන්ට අවශ්‍ය අයිතිය විතරක් නෙමේ. ඒ අවශ්‍ය අයිතිය ලැබිය යුතුයි. එය ව්‍යස්ථාවේ තිබිල වැඩක් නැහැ ලැබිය යුතුයි. පෝෂණ අයිතිය කියල තිබුණට වැඩක් නැහැ. පෝෂණයට අවශ්‍ය ආහාර තිබිය යුතුයි.
ඒ විතරක් නෙමෙයි අලි නිසා මිනිස්සුන්ට වෙන හිරිහැර. මධ්‍යම ආණ්ඩුවෙ හා පළාත් සභාවෙ නිලධාරීනේගේ හා දේශපාලකයන්ගෙ හිතුවක්කාරී ව්‍යාපෘති නිසා අමාරුවෙ වැටුණු මිනිස්සු, පරිසරය පිළිබඳව, පරිසරය පිළිබඳව තියන අයිතිවාසිකම් පිළිබඳව, පරිසරය පිළිබඳ තියෙන අධිකාරයන් පිළිබඳව ඇති අයිතිය. මහජන යහපත සඳහා නඩු දැමීමේ අයිතිය මහජනයා ඉල්ලූව. දේශපාලනය පැත්තෙන් මහජනතාව ඉල්ලූ දේවල් අනුව අපේ මූලික පරිච්ෙඡ්දය පුළුල් කළ යුතුයි. ඒ පරිච්ෙඡ්දය පිළිබඳ වගකීම් දරණ, ඒ වගකීම් පිළිබඳව අධිකරණයට ගිහිල්ල පරීක්‍ෂා කරන්න තියෙන අවස්ථාවන් තවත් පුලූල් කළ යුතුයි. ඒවා ජනතා ඉල්ලීම්.
අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්‍ෂාව පිළිබඳව ඉතාම තදින් මහජනතාව ගෙනාපු කාරණා. දැන් මේව ඔක්කොම වෙළඳ පොළට ගිහිල්ල තියෙන්නෙ. ඒ නිසා මේක පාළනය කරන්න මොකක්ද කරන්න තියෙන්නෙ? මහජනතාව මේ ගැන ඇහුව. පුද්ගලික අංශයක් මේකට සම්බන්ධ කරන්න මොකක්ද කරන්න තියෙන්නෙ. ආණ්ඩුව ඒ පැහැදිලි කරීම ගැන අලූතෙන් ව්‍යවස්ථාව ලියන්න වෙනව. අධ්‍යාපනය පිළිබඳ කාරණය ඉතාමත් තදින් මතුවුණා. විශේෂයෙන්ම පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධව. හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට තියෙන අයිතිය. හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට පිටට (ටියුෂන් වලට* සල්ලි ගෙවියයුතු තත්ත්වයක් තමයි අපේ පාසැල් පද්ධතියෙ තියෙන්නෙ. ඉස්කොලෙ නමට යනව. අනෙක්ටික ටියුෂන් පන්තියට ගිහිල්ල තමයි කරගන්න වෙන්නෙ. ඇත්ත වශයෙන්ම අද තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයක් නෙමෙයි. දෙමාපියන්ට ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරන්න සිද්ධවෙලා තියෙනව. එතනත් තරගයක් තියෙනව. මේව ගැන ජනතාව අදහස් දැක්වුවා.
අපිට පෙනුන දෙයක් තමයි සමාජ, ආර්ථික, සංස්කෘතික අයිතිවාසිකම් ඇතුල් කිරීම අවශ්‍යවෙනව නව ව්‍යවස්ථාවට. මේක රාජ්‍ය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වශයෙන් තිබිල මදි. මේ අධිකරණයට ගිහිල්ල අයිතිවාසිකම් ඉල්ලන්න. අධිකරණයට ගිහිල්ල මේව ක‍්‍රියාත්මක කිරීම ගැන තියන හැකියාව ගැන, යම් නිර්ණායකයන් සකස් කරව ගන්න හැකියාව තිබිය යුතුයි. මේ පිළිබඳව දැනමටත් අධිකරණයට ගිහිල්ල යම් ඇතුළත් කිරීම් කරන්න කියල ඉල්ලීම් ඉල්ලල තියෙනව. එහෙම මැදිහත් වුනේ නැත්නම් මේ ප‍්‍රතිපත්ති හදන අය මේ සැලසුම් හදන අය මේව දිහාට යොමු වෙන්නෙ නැහැ.
අපි විශේෂිත අවධානයක් කරපු අයත් ඉන්නව. ආබාධිත අය. විශේෂ අවශ්‍යතාවන් තියෙන අය. ඒ අයට පිළිගැනීමක් ලැබෙන ආකාරයට, සැලකිලි ලැබෙන ආකාරයට, ඒ අයට පහසුකම් ලැබීමේ දී රජය වගකීම බාර ගන්නා ආකාරයට කරුණු ඇතුළත් කිරීම ගැන සාකච්ඡුා ඇතිවුණා. ඒ වගේම වෙනස් ලිංගික තත්ත්වයන් ඇති අයට, ලිංගික විපර්යාෂයන් තත්ත්වයන්ට මුහුණ දී ඇති අයට, සමලිංගික චර්යාවන් ඇති අය මුහුණ දෙන ප‍්‍රශ්න ඇවිත් කිව්ව. වයඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පර්යේෂණ ඒකකයක් ඇවිල්ල හිටිය කුරුණෑගල අදහස් දැක්වීම් අවස්ථාවට. ඒ ගොල්ල මේ ගැන කිව්ව, පසුගිට මාස කිහිපය තිස්සේ එවැනි පුද්ගලයන් අසාධාරණ විදිහට පොලීසිය විසින් නඩුවලට පැටලවීම් ගැන ඔවුන් කිව්ව. ඒ මාස 6ට ඒ වැනි සිද්ධීන් 21ක් කුරුණෑගල විතරක් වාර්තාවෙලා තියෙනව. මේව ගැන හිතන්න කාලය ඇවිත් තියෙනව.
පරිසරය ගැන බලනව නම් විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වීමේ දී පරිසර අධිකාරි තියෙනව, මහජනයා විශාල වශයෙන් පැමිණිලි ගෙනවා අධිකාරිය තීරණ ගන්නා ආකාරය ගැන. ඒ පළාත්සභා ක්‍ෂේත‍්‍රවල පරිසර ප‍්‍රඥප්තියට පටහැනි විදියට කර්මාණ්ත ස්ථානගත කිරීම පිළිබඳ කාරණය. වයඹ පළාතේ ඇස්බැස්ටස් ෆැක්රි තියනව. බැට්ටි‍්‍ර ෆැක්ටරියක් තියෙනව. ඉවත ලන රසායන ද්‍රව්‍ය ගංවතුරට එකතුවෙලා පානීජය ජලයට මුසුවෙනව. ඊළ`ග ප‍්‍රශ්නය කළුගල් කර්මාන්තයට බලපත‍්‍ර දීමේ දී වටේ අවට ජනතාව නොසලකා හැරීම. කලූගල් වෙඩිදමා පිපිරීමේ දී තමාගේ ගෙය කඩාගෙන ගිය කාන්තාවක් අපි ඉස්සරහ ඇඬුව. මේව ජනතාව ඇවිත් පැමිණිකිරීමේ දී ජනතා අපේක්‍ෂාව පේනව.
අනෙක භාෂා අයිතිවාසිකම. අපි ජාතික භාෂාවන් දෙක ගැන කතාකරනව. ව්‍යවස්ථාවෙන් සිංහල, දෙමළ භාෂා ජාතික භාෂා ලෙස පිළිඅරගෙන තියෙනව. ජාතික වාග් විද්‍යා ප‍්‍රජාවන් දෙකක් මේ රටේ ඉන්නව. ඒක ව්‍යවස්ථාවෙන් පිළිගන්නව. ඒ වගේම භාෂාවන්, සංස්කෘතිය සංවර්ධනය කිරීම. සංඛ්‍යාවෙන් කුඩා සුළුතර ජන කොටස් මේ සමාජයේ ඉන්නව. ඒ අයට ද අනන්‍ය භාෂාවක් තියෙනව. එබඳු භාෂා කතාකරන කණ්ඩායම් 18 ක් ඉන්නව. ඒ භාෂාවන් ආරක්‍ෂා කරගන්න, සංවර්ධනය කරගන්න තියෙන පහසුකම් ගැන කතා කෙරුව.
මේවගෙන් පෙනෙන්නේ පරණ ව්‍යවස්ථාව හදපු විදිහට නෙමෙයි, ආණ්ඩුවෙ බලය රාජ්‍ය බලය කතා කරන එක නෙමෙයි. පුරවැසියන් මුල්කරගත්ත ව්‍යවස්ථාවක් ඇති කරගත යුතුයි. අපි ඉන්නෙ පුරවැසියන්ගෙ යුගයේ. දේශපාලනයට මහජනතාව පත්කරන නියෝජිතයෝ මහජනයට වඩා බලවත් වෙලා ඒ අය මහජනයා උඩ ඉඳගන්න විදිහට නෙමෙයි. පුරවැසියන්ගෙ අයිතිවාසිකම් රැුගෙන ව්‍යවස්ථාවක් කරා යන ගමනක තමයි අපි ඉන්නෙ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *