ගෝඨාභය ඇමරිකන් මකරාගෙ චිත්‍රය මැකුවා මතකද? – අජිත් පැරකුම් ජයසිංහ

මේ බිත්ති චිත්‍රය මතකද? ඒක තිබුණෙ කොතැනද කියල මට මතක නැහැ. මේ චිත්‍රය ඇන්දෙ ගෝඨාභය බලයට ආපු වෙලාවෙ චිත්‍ර අඳින රැල්ල මැද. අනෙක් චිත්‍ර මැකුවෙ නැහැ. මේක මැකුවා. අවුරුදු තුනකට පස්සෙ කල්පනා කරල බලන්න (අන්‍රයියා කියනවා වගේ) මොකක්ද වුණේ කියලා.

ඇමරිකාව සිංහල-බෞද්ධ-ගොවිගම බලය බින්දා. ඒකට රාජපක්ෂ පවුලේ කෙනෙකුම පාවිච්චි කළා. හැබැයි, තවම වැඩේ ඉවර නැහැ, සජිත්-ගුනරත්නම්-සුමන්තිරන්-හකීම්-කාදිනල්-සෝභිත-පීරිස් හා තවත් නම් සහිත ‘අරගල’ සන්ධානෙ පසුබැස්සට ආයෙ එනවා කියල නිතර තර්ජනය කරන්නෙ කාගෙ හයියෙන්ද? කල්පනා කරල බලන්න.

රාජපක්ෂ බලය බින්දට සිංහල-බෞද්ධ-ගොවිගම බලය බිඳින්න යන එක අවදානම් සහගතයි. හේතුව, ඒ මේ රටේ 60%කට කිට්ටු බහුතර ප්‍රජාව. මොන ගැටලු තිබුණත්, වර්තමාන ශ්‍රී ලංකාව ගොඩනැගුවෙ, රැකගත්තෙ ඒ ප්‍රජාව. ඒ බලය බිඳින්න තරම් ඒක ප්‍රතිගාමී නැහැ. ඒ ප්‍රජාවට අයිති නැති අයට ලංකාවෙ ජනාධිපති වෙන්න පවා අවස්ථාව ලැබුණා.

හීනමාන අතහැරලා සියලුදෙනා ඇතුළත් කරගන්නා ලංකාවක් ගොඩනගමු. අපි වැඩකරන්නෙ ඒ වෙනුවෙන්. අපට බණින අය බණින්නෙ ඔය හේතුව නිසා. සිංහල-බෞද්ධ-ගොවිගම ආධිපත්‍යයට විකල්පය ඒකයි. එහෙම නැතුව ඊනියා අරගලවලින් අරාජිකත්වය නිර්මාණය කරන එක නෙමෙයි.

අජිත් පැරකුම් ජයසිංහ

Praja

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *