සාමය පවත්වා ගැනීම රජයේ වගකීමක් ; හමුදාවේ වගකීම රට ආරක්ෂා කිරීමයි – ජනාධිපති රනිල් දියතලාවේ දී කියයි

 

ලෝකයේ අනෙකුත් රටවල් සමග සාමකාමී තත්ත්වයක් පවත්වාගෙන යෑම රජයේ වගකීමක් වන බවත්, හමුදාවේ වගකීම වන්නේ රටට එන ඕනෑම අභියෝගයකින් රට ආරක්ෂා කිරීම බවත්, දියතලාව හමුදා පුහුණු කඳවුරේ දී ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම ඉටු කිරීමට හමුදාව සුදානමින් සිටිය යුතු බව ද ප්‍රකාශ කළේය.

රටට බාහිරින් එන තර්ජන වල දී රට ආරක්ෂා කිරීමටත් අභ්‍යන්තර වශයෙන් සාමය පවත්වා ගැනීමට සහ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමටත් හමුදාව සුදානමින් සිටිය යුතු බව ද ජනාධිපතිවරයා කී ය.

දියතලාව කඳවුරේ පුහුණුව ලබා පිටව යන කැඩෙට් නිලධාරීන්ට සහතික ලබාදීමේ උළෙලට සහභාගී වෙමින් ජනාධිපතිතුමා වැඩි දුරටත් කීවේ ජනාධිපති ලෙස තමා නිලධාරීන්ට කොමිසන් ලබා දෙන්නේ ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් බව සහ ඔවුන්ගේ වගකීම ඇත්තේ ජනරජයට බවත් ය.

හමුදා නිලධාරීන් ලෙස තමා ගැන නොව තමා යටතේ සිටින නිලධාරීන් ගැන සිතිය යුතු බව කී ජනාධිපතිතුමා එම කටයුත්ත කිරීමට නිලභාරීන්ට ශක්තිමත් බවක් තිබිය යුතු බව ද පෙන්වා දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *