1995 හෙද නිලධාරීන්ගේ ඉල්ලීම් අද වෙනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ඉෂ්ට කරල නැහැ.- හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය.

හෙද සේවාවේ ගැටළු රැුසක් තියෙනව. අපි මේ ඉල්ලීම් ඉල්ලන්නේ 1995 ඉඳල. ඒත් අද වෙනතුරු ඉටුකරල නැහැ. අපි ඉල්ලීම් ඉල්ලල එළියට බැස්ස නම්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙ නිළධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙ ලේකම්වරු කඩිනම් තීන්දුවක් ගන්න බව අපි දන්නව. එසේ නොවන නිසාද සාධාරණය ඉෂ්ට කරන්නෙ නැත්තෙ කියන කාරණය පිළිබඳව ප‍්‍රශ්නයක් තියෙනව.
කළුබෝවිල රෝහලේ පසුගිය මාසෙ ඇති වූ සිද්ධීන්  නිසා ගැටළු කිහිපයක් ඇති වුණා. ඒ තමයි බෝවෙන රෝග සහිත රෝගීන් සාමාන්‍ය වාට්ටුවලට ඇතුළත් කරල තියෙනව. රෝහල්වල සාමාන්‍ය වෛද්‍ය වාට්ටු තියෙනව, ශල්‍ය වාට්ටු තියෙනව, බෝවෙන රෝගීන් සඳහා වෙනම වාට්ටු තියනව. බෝවෙන රෝග තියෙන ලෙඩුන් සාමාන්‍ය වාට්ටුවලට ඇතුළත් නොකළ යුතුයි. බෝවෙන රෝග සඳහා වෙනම ඒකක සකස් කළ යුතුයි. බෝවෙන රෝග සඳහා වෙනම රෝහල් සකස් කළ යුතුයි. අයි.ඞී.එච්. ප‍්‍රදේශයෙ තියෙන්නෙ එහෙම රෝහලක්. බොවෙන රෝගීන් සඳහා ප‍්‍රතිකාර කරන රෝහලක්. සුවිශේ්ෂී අවශ්‍යතා ලබාදීල තමයි කාර්ය මණ්ඩලය රාජකාරි කරන්නෙ. එතකොට අනතුරු යම් ප‍්‍රමාණයකට අඩුයි. නමුත් ඒ රෝගීන් කළුබෝවිල රෝහලට ගෙනාවොත්, ජයවර්ධනපුර රෝහලට, කරාපිටිය රෝහලට ගෙනගියොත් එතන අනතුරුදායක පරිසරයක් නිර්මාණය වෙනව. ක්‍ෂයරෝගය හැදිච්ච රෝගියෙක් කැස්සත්, කතාකෙරුවත් කෙළ මගින් අඩි තුන හතරක් සමීපව හිටියොත් ඒ අයට රෝගය බෝවෙනව. ඉන්ජක්ෂන් එකක් දෙනකොට රෝගියාට ළං නොවී කරන්න බැහැ. රෝගියාට සමීපව, රෝගී සත්කාරය කරන්න වෙනව නර්ස්ලට.
හෙදි නිලධාරීන්ගේ පැත්තෙන් ගත්තොත් රෝග බෝවීම හා අනතුරු ඇතිවීම ඉතා විශාලයි. මේ නිසා විශේෂ පහසුකම් දෙන්න කියල ඉල්ලීමක් කෙරුව. රෝගීන් වෙන් කරන්න කියල ඉල්ලීමක් කෙරුව. නමුත් මේ ඉල්ලීම් අද වෙනකොට ක‍්‍රියාත්මක කරන්නේන නැහැ. ඒ රෝගීන් වෛද්‍ය වාට්ටු ඇතුළෙම (සාමාන්‍ය රෝගීන් ඉන්න වාට්ටු* දාගෙන ඉන්නව. මෙසේ ඉඳීමෙන් කාර්ය මණ්ඩලයට පමණක් නෙමෙයි, අනික් රෝගීන්ටත් ප‍්‍රශ්නයක් තියෙනව. රෝහල් කියන්නෙ රෝග බෝ කරන තැනක් නෙමේ, රෝගවලට ප‍්‍රතිකාර කරන තැනක්. ඒ විදිහට රෝහල් පද්ධතිය පත් කළ යුතුයි. ඒ සඳහා මෙයට වඩා උනන්දුවෙන් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතුයි.
අංගොඩ වගේ මානසික රෝගවලට ප‍්‍රතිකාර කරන ආයතන ගැන බැලූවොත් අපිට අවුරුද්දකට ශාරීරික පහරදීම් 15ක් විතර වාර්තා වෙනව. අනිත් සේවකයොත් පහර කනව. නර්සස්ලට පහරදීම් 15ක් විතර වාර්තා වෙනව. රෝගීන්ට ඉන්ජෙක්ෂන් දෙන්න ගියහම ඒ ඉන්ජක්ෂන් එක උදුරගෙන කාර්ය මණ්ඩලයට විදින්න හදපු අවස්ථාත් තියෙනව. මානසික රෝගියෙක් එහෙම කරපුවම කරන්න දෙයක් නෑ. හෙද සේවාවේ 95%ඉන්නේ කාන්තාවන්. හැඩි දැඩි මානසික රෝගීනුත් ඉන්නව. සාමාන්‍ය නර්ස් කෙනෙකුට මානසික රෝගියෙක් පාලනය කරගන්න බැහැ. මානසික රෝහලේ රාත‍්‍රී සේවයට ඉන්නේ නර්ස්ල දෙන්නයි. නර්ස්ල දෙන්නෙක් රෝගීන් 50ක් බලාගතයුතු වෙනව. ඒ රෝගීන් සාමාන්‍ය අය නෙමෙයි. සියලූම අය මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයන්. නර්ස්ල දෙන්නෙක් කොහොමද රෝගීන් 50ක් රාත‍්‍රී සේවාවේදී බලාගන්නෙ? එහෙම කරන්න බැහැ. වැඩිපුර හෙද නිලධාරීන් යෙදවීම අත්‍යාවශ්‍යයි. මේ අයගෙ ආරක්‍ෂාව තහවුරු කිරීම අත්‍යාවශ්‍යයි. සමහර මානසික රෝහල්වල නිසි පිරිදි ගේට්ටුවක්වත් නැහැ. රෝගීන් පැනල යනව. ඒ වගේම එළියෙ පිරිස් ඇතුළට එනව. ඒ නිසා බරපතල සිද්ධීන් ඇති වෙනව. ඒ නිසා මේ ගැන සැලකිලිමත් විය යුතුයි.
මේ වගේ සේවාවන් කරන අයට විශේෂ පුහුණුවීම් දෙනව. මානසික හෙද පුහුණුව කියල එකක් තියනව. මානසික රෝගීන් සඳහා ක‍්‍රියාත්මක වෙන්න කොහොමද කියල, ඒ අය එක්ක හැසිරෙන්නෙ කොහොමද? ඒ අයට සත්කාර කරන්නෙ කොහොමද? කියන කාරණා පිළිබඳ විශේෂ පුහුණුවක් ඒක. එහෙම පුහුණුවක් දුන්නට ඒක සෞඛ්‍ය සේවාව ඇතුළෙ පිළිඅරගෙනත් නැහැ. අංගොඩ රෝහලේ හෙද නිලධාරීන් 380ක් ඉන්නව.  මේ අය සාමාන්‍ය හෙද පුහුණුවට අමතරව මානසික රෝගීන් පිළිබඳව විශේෂිත පුහුණුවක් ලත් අය වියයුතුයි. මේ අයගෙන් විශේෂ පුහුණුවීම් ගත් අය 30%ක් වත් නැහැ. මේ රෝහලට කියන්නෙ ජාතික මානසික විද්‍යා ආයතනය කියල. ජාතික කියන්නෙ රටේ ඒ පිළිබඳව ප‍්‍රධානම ස්ථානය කියන එකයි.
ගිය සතියෙ මානසික හෙද පුහුණුවකට 90ක් පමණ හෙද නිලධාරීන් බඳවගත්ත. ඒ අයගෙන් 4 දෙනෙක් විතරයි අංගොඩ රෝහලෙන් බඳවාගෙන තියෙන්නෙ. 25%ක්වත් මේ රෝහලෙන් බඳවාගතයුතුව තිබුණා. අනෙක් රෝහල්වලත් මානසික ඒකක තිබුණත් එම ලෙඞ්ඩුන්ගෙ ලෙඩ වැඩි වුණොත් අරගෙන එන්නෙ මේ රෝහලට. මේ වගේ බරපතල ගැටළු තියෙනව. නමුත් ඒ සම්බන්ධව සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරල නැහැ. ඒ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි කියල අපි ඉල්ලා සිටිනව.
මානසික රෝහල්වල පමණක් නෙමෙයි පිළිකා රෝහල්වලත් බරපතල විදිහට ප‍්‍රශ්න තියෙනව. පිළිකා රෝගය කියන්නෙ බොහෝ අයගෙ ජීවිත අපේක්‍ෂාව අහිමි වෙන රෝගයක්. ආයු කාලය අඩුවෙනව. සුළු කොටසක් තමයි සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්නෙ. පිළිකා රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන්ටත් ඒ අනතුරම තියෙනව. පිළිකා රෝගීන්ට විශේෂ ප‍්‍රතිකාර වර්ගයක් තියෙනව. එම ප‍්‍රතිකාරය කරන්නෙ හෙදි නිලධාරිනියන්. ඒ අය විකීරණශීලි තත්ත්වයන්ට නිරාවරණය වෙනව. හම හරහා, ස්වසනය මගින් ශරීරයට ඒ විකීරණ ඇතුල්වෙනව. ඒක අනතුරුදායක තත්ත්වයක්. බොහෝ කාලයක්, අවුරුදු තුන හතර, පහ හය එතන වැඩකරකොට, ඒ අයට බරපතල අනතුරු දායක තත්ත්වයන් සිද්ධ වෙලත් තියෙනව. මේකට හරි උත්තරයක් නැහැ. පිළිකා රෝහල්වල වැඩ කිරීම නිසා පිළිකා රෝගවලට භාජනය වෙච්ච හෙද නිලධාරීනුත් ඉන්නව. මේවට සෞඛ්‍ය බලධාරීන් ගත්ත පියවරක් නැහැ. 1995 සිට මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් ඉල්ලල තියෙනව.
වෙන රටවල්වල පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර කරනකොට පෝෂණය සම්බන්ධව විශේෂ පහසුකම් දෙනව. ඒ අයගෙ පෝෂණය හොඳ මට්ටමක තිබිය යුතුයි. විකීරණශීලි තත්ත්වයට නිරාවරණය වීම නිසා ඒ අයගේ ශරීරයේ දුබලතා ඇති වෙනව. ඒ දුබලතාවයන්ට ඔරොත්තු දෙන්න නම් හොඳ පෝෂණයක් ඒ අයට තියෙන්න  ඕනෙ. විදේශ රටවල මේ පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් වෙනව. හොඳ පෝෂණයක් ලබාගන්න පහසුකම් සලසනව. විකීරණශීලි ඖෂධ ප‍්‍රතිකාර පිළිබඳව විශේෂිව පුහුණුවක් දිය යුතුයි. ඒ පුහුණුව දුන්නොත් තමයි රෝගීන්ට හරියට ප‍්‍රතිකාර සහ සත්කාර දෙන්න පුලූවන්. එහෙම නූනොත් රෝගියත් අනතුරේ, ප‍්‍රතිකාර කරන හෙද නිලධාරිනියත් අනතුරේ. මේ තත්ත්වය වලක්වගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරල නැහැ. 1995 සිට මෙම පුහුණුව ඉල්ලල තියෙනව ඒත් අද වෙනකම් දීල නැහැ. 1995 විද්වත් කමිටුවක් පත්කරල තියෙනව. ඒ කමිටුවෙන් පහසුකම් දෙන්න කියල නිර්දේශ කරල තියෙනව. සේවා තත්ත්වය වර්ධනය කරන්න කියල තියෙනව. විශේෂිත දීමනාවක් දෙන්න කියල තියෙනව. ඒ පහසුකම්වත්, දීමනාවවත් නිසි විදිහට දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අද වෙනතුරු කටයුතු කරල නැහැ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *