ණය ගැන කතා කරන්න චීනය කැමති වේ

 

ලෝකයේ විශාලතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස ගෝලීය ප්‍රජාව මුහුණ දී සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වට මේස සාකච්ඡාවකට පැමිණීමට චීනය කැමැත්ත පළ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර ඇත.

මෙම වට මේස සාකච්ඡාව ඉහළම මට්ටමින් පැවැත්විය යුතු බවත් එයට ණය හිමියන්, ණය ලබාගත් ඇතැම් පාර්ශ්ව සහ පුද්ගලික ණය හිමියන් සමඟ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජී20 සමුළුවේ සභාපතීත්වය එයට සහභාගී විය යුතු බව ජෝර්ජිවා මහත්මිය පෙන්වා දී තිබේ.

පසුගිය දා චීන බාලධාරීන් සමඟ පැවති සාකච්ඡා වලින් පසුව දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී සිටින ණය අර්බුදයට විසඳුම් සෙවීමට හැකි වෙතැයි අපේක්ෂා ඉහළ ගිය බව ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර ඇත.

ණය සහන ක්‍රියාවලිය සාධාරණ එකක් කිරීම සඳහා පුද්ගලික ණය හිමියන් සහ බහුපාර්ශ්වික නියෝජිත ආයතන ණය අර්බුදයකට මුහුණ දී සිටින රටවල ණය යම් ප්‍රමාණයක් කාප්පාදු කිරීමට එකඟ විය යුතු බව චීනය තර්ක කර තිබේ.

(විමුක්ති එස් රුද්‍රිගු)

ලංකාදීප 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *