හිටපු ජනපති ණය ප‍්‍රතිව්‍යුහගත කරන්නැයි කල ඉල්ලීමට චීනය, ඉන්දියාව, ජපානය බෑ කිවුවා – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගත කරණය සදහා මැදිහත් වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියේ පසුගිය මාර්තු මස 18 වැනිදා බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම ඉල්ලීම කර තිබුණේ එවකට මහ බැංකු අධිපතිවරයාගේ නිරේදේශ මත බව ද හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊට දැනුම් දී තිබුනේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නම් ණය හිමි රටවල අනුමැතිය ලබා ගන්නා ලෙස බවත් පැවසූ ඔහු ඒ අවස්ථායේ ජපානය චීනය ඉන්දියාව ඇතුළු ණය හිමි රටවල් හා ආයතන ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රතික්ෂේප කර ඇතැයිද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හොඳම පැවසූ ඔහු නමුත් එහි යාමට තිබුණේ 2020 වසරේ දී බව ද තවදුරටත් කියා සිටියේ ය.

තමන් මහ බැංකු අධිපති ධුරය භාරගන්නා මොහොත වන විටත් ලංකා බැංකුව සහ මහජන බැංකුව සිය ණයවර ලිපි සඳහා විදේශ මුදල් සම්පාදනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටි බවද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ දිවයින පුවත්පත සමග සාකච්චාවකට එක්වෙමිනි.

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *