ජපාන සැහැල්ලු දුම්රිය ණය ගිවිසුම අවලංගු කොට නැහැ

 

ජපාන රජයේ සහන ණය ආධාර  යටතේ ඉදිකිරීමට යෝජිතව තිබු සැහැල්ලු දුම්රිය පද්ධතියේ පළමු කොටස ලෙස කොළඹ සිට මාලබේ දක්වා කොටස ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකාව විසින් ඒක පාර්ශවිකව අවලංගු කළ ද , ඒ සඳහා ජපානයේ ජයිකා ආයතනය සමග තිබු ණය ගිවිසුම අවලංගු කොට නැති බව හෙළිදරව් වී ඇතැයි වාර්තා වෙයි.

එම ණය මුදල වෙනත් ව්‍යාපෘතියක් සඳහා ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාව ජපානයේ ජයිකා ආයතනයට දන්වා ඇතත්, විකල්ප ව්‍යාපෘතියක් ගැන සාකච්ඡාවක් හෝ කර නැත. එමෙනම් එම මුදල වෙනත් ව්‍යාපෘතියකට ලබාදීමට ජයිකා ආයතනය කැමැත්ත ප්‍රකාශ කොට නැත.

මෙම ණය ගිවිසුම අවලංගු කළ හොත් මෙතෙක් ලබාගත් ණය ඉහළ පොලියක් යටතේ ගෙවීමට සිදුවීමේ අවදානම මෙන් ම ,ව්‍යාපෘතියේ උපදේශක සමාගම ඉල්ලා සිටින වන්දිය ගෙවීමට සිදුවීමේ අවදානම ද පවතියි.

මෙම තොරතුරු හෙළි වී ඇත්තේ ජාතික විගණන කාර්යාලය කළ විශේෂ විගණනයක දී ය.

ජපානයේ ජයිකා ආයතනය මෙම ණය ලබාදීමට එකඟ වී සිටියේ සියයට එකක පොළියක්  යටතේ සහ වසර දොළහක සහන කාලයකින් පසුව ගෙවීමේ පදනම යටතේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *