විමල් හා ගජ මිතුරු කල්ලිය ලක්ෂ 270ක් හොරා කාලා

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ පවත්වාගෙන ගිය හොරණ ගල්පාත කාපට් වැඩබිම ට මුවා වී හිටපු ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා හා ඔහුගේ ගජ මිතුරු කල්ලිය රුපියල් ලක්ෂ 270ක මුදලක් සොරකම් කර ඇතැයි නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා හෙළිදරව් කරයි.

හොරණ ගල්පාත කාපට් වැඩබිමට යයි පවසමින් මෙම මුදල් ජයලත් කන්ස්ට්‍රක්ෂන්ස් හා රුවන් ට්‍රේඩ් සෙන්ටර් නමින් චෙක්පත් ලබා දී ඇති බවට හෙළිවී තිබෙන බව ද ඇමැතිවරයා පැවැසීය.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මෙම කරුණු හෙලි කරදරව් කළේය.

එහි දී කියා සිටියේ මෙම වැඩබිම ආරම්භ වූයේ 2012 දෙසැම්බර් මාසයේ දී බවත් එය ක්‍රියාත්මක වුයේ 2013 අගෝස්තු සිට 2014 මාර්තු දක්වා මාස 08ක කාලයක් බවත්ය.

මෙම වැඩබිම සතුව කාපට් නිෂ්පාදන යන්ත්‍රයක්, ගල්ඇඹරුම් යන්ත්‍රයක්, ඩීසල් බවුසර 2ක් හා තාර බවුසර් 3ක් ද, වීල් ලෝඩර් 1ක් පාලම් තරාදියක් හා ජෙනර්ටර් 2ක් ද ඇතුළු සම්පත් තිබෙන බවයි.

මාස 8ක කාලයක් ක්‍රියාත්මකව පැවැති මෙම වැඩබිම හරහා රුපියල් ලක්ෂ 270ක මුදලක් සොරකම් කිරීමට කටයුතු කිරීම රටේ ජාතික ධනය ගසා කෑමක් බව ද කීවේය.

එහි දී තවදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා හෙලි කළේ පසුගිය රජය සමයේ දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විනාශයට පත් කරමින් මහා ජාතික හොරකම් රුසක් සිදු කිරීමට හිටපු ඇමැති විමල් වීරවංශ මහතා හා ඔහුගේ ගජ මිතුරු කල්ලිය කටයුතු කර ඇති බවයි.

ඒ අනුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලරථ හිමි නොවන අය සඳහා කුලී පදනම මත වාහන ලබා දීම සඳහා අලාභය රුපියල් ලක්ෂ 695ක් ද, ටෙන්ඩර් පටිපාටිය යෙන් බැහැරව යකඩ මිල දී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 310ක් ද, මැතිවරණ නීතිවලින් බැහැරව මානව සම්පත හා ආයතනයේ දේපළ භාවිතය සඳහා ලක්ෂ 169ක් ද, මැතිවරණ සමයේ දී අලුතින් තනතුරු ඇති කිරීම සඳහා නිලධාරීන් දේශපාලනය සඳහා යොදා ගැනීමට රුපියල් ලක්ෂ 700ක් ද, දින දර්ශන මුද්‍රණයට කියා තවත් ලක්ෂ 25ක්ද වශයෙන් විශාල මූල්‍ය ගසා කෑමක් සිදු කර ඇති බව ද ඇමැතිවරයා මෙහි දී හෙලිදරව් කළේය. මෙම සියලු ගසා කෑම් පිළිබඳ මේ වන විට විමර්ශන සිදු කරමින් පවතින බව ද ඇමැතිවරයා සඳහන් කලේය.

පසුගිය දිනක මාධ්‍ය හරහා හොරණ ගල්පාත කාපට් වැඩබිම පිළිබඳ වැරදි කරුණු හෙලි දරව් සිදු කළ නිසා තමන් මෙම කරුණු ඉදිරිපත් කළ බව ද කී ඇමැතිවරයා මේ වනවිට තමන්ගේ මැදිහත් වීම යටතේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 750ක මුදලක් ණය සහන ලබාගෙන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව දියුනු කිරීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

තමන් කිසිදු මූල්‍ය වංචාචාවක් සිදු කර නොමැති බවත් වරප්‍රසාදයක් හෝ ලබා ගෙන නොමැති බවත් මෙහි දී ඇමැතිවරයා අවධාරණය කළේය.

චන්දිමා එදිරිමාන්න – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *