පොහොට්ටු ඇමැති ලැයිස්තුවෙන් නම් තුනක් ඉවත් කර ගනියි ?

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇමැති තනතුරු සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මුලින් ඉදිරිපත් කළ ලයිස්තුවේ නම් තුනක් මේ වනවිට ඉවත් කරගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ජොන්ටන් ප්‍රනාන්දු , එස් බී දිසානායක සහ නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ නම් එසේ ඉවත් කරගෙන ඇතැයි කියති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි විරෝධය නිසා මෙලෙස ඇමැති ලැයිස්තුව සංශෝධනය කොට නව ඉල්ලීමක් ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට තිබේ.

කෙසේ වෙතත්, පොදුජන පෙරමුණ ඇමති ධුර වැඩි සංඛ්‍යාවක් ඉල්ලා සිටීමත්, විපක්ෂයෙන් එන පිරිස් සම්බන්ධයෙන් එකඟත්වයක් නොවීමත් නිසා ඇමැති මණ්ඩලය පත් කිරීම තව දුරටත් කල් යමින් පවතින බව ද  කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *