ව්‍යවස්ථාවක සංයුතිය පොහොසත් වන්නේ ක්‍රියාවලිය සාරවත් නම් පමණි- ආචාර්ය දීපිකා උඩගම ( මානව හිමිකම් කොමිසමේ සභාපතිනි)
ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මානය කරන විට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය අතිශයින්ම වැදගත් වේ. එය වැදගත් වෙන්නේ එහි සංයුතිය නිර්මානයවීම කෙරෙහි එම ක්‍රියාවලිය බලපාන හෙයිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වීමේ ක්‍රියාවලිය හරි හැටි සිදු නොවන්නේ නම් අනිවාර්යයෙන්ම එහි සංයුතියට අහිතකර බලපෑමක් සිදුවේ. ඒ ක්‍රියාදාමය නිවැරදි නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සංයුතිය සාධනීය වේ. මේ දක්වා රටේ තිබුණු ආණ්ඩුක්‍රම සම්පාදන ක්‍රියා පිළිවෙත් මා සිතන්නේ සාධණිය නොවූ බව ය. පළවෙනි ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය වූයේ මහජනතාවගේ අදහස් විමසිමක් හරිහැටි නැතිව ය. 78ට සාපේක්ෂව බැලූ කළ 72 යම්කිසි මහජන අදහස් විමසීමක් තිබූ නමුත් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මානය කිරීීමේ දි නම් ඇත්ත වශයෙන්ම මහජන අදහස් විමසු බව අපි නම් දන්නේ නැත.
අද ඇති වී තිබෙන මේ අවස්ථාව අනාගත ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්නට ස්වර්ණමය අවස්ථාවක් යැයි කියන්නට පුළුවන. මෙහි දි ජනතාවගේ අදහස් ඉතාමත් වැදගත් ය. මානව හිමිකම් කොමසමේ දැක්ම අනුව අනාගත ව්‍යවස්ථාව පදනම් විය යුත්තේ ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් දැක් වූ මහජනයාගේ අදහස් මත ය. මෙහි දි ඔවුන් දැක් වූ ඉතා සරළ ඉල්ලීම් සහ පැමිණිලි යන සියලු දෙයක්ම සැළකිල්ලට ගතයුතුව තිබේ. ව්‍යවස්ථාවකට පිටු 1000ක් තිබිම නොවෙයි වැදගත් වන්නේ ජනතාවගේ අදහස් සැළකිල්ලට ගැනීම ය.
මගේ අදහස අනුව ව්‍යවස්ථාවක් යනු පරමාදර්ශයකි. එය අනාගතවාදි ය. එය කිසිසේත්ම පවතින දේශපාලනය යථාර්ථය මත පමණක් පදනම් නොවිය යුතුය. ඒ වගේම එය පක්ෂ වල මෙන්ම පෞද්ගලික දෙයක්ද නොවිය යුතු ය. අපි හිතන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දැනට තියෙන ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමට පමණයි නිර්මාණය වියයුත්තේ යනුවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු වසර ගණනාවක් තිබිය යුතු දෙයකි. අපි නිදහස ලබා මේ වනවිට දශක කිහිපයක් ගතවී ඇත. ඒ අනුව ඒ තුළම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 3ක් යටතේ අප ජීවත් වී ඇත. දැන් අපි කථා කරන්නේ 4වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන ය. ඒක දැන් අපිට සාමාන්‍ය පුරුද්දක් බවට පත් වී ඇත. අපේ රටේ දැන් ඒක කිසියම් උන්මාදයක් වගේ දෙයකි. නමුත් ඒක හරියට හදාගන්නේ නැති එක තමයි ප්‍රශ්නය වි තිබෙන්නේ. මක්නිසා ද යත් අපි කරන්නේ පැලැස්තර ඇලවිම ය. ඒ නිසා ව්‍යවස්ථාවක පරමාදර්ශි බව කියන එක අතිශයින්ම වැදගත් ය. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ඌනතා දෙස බලන විට ඇත්ත වශයෙන්ම එය මුලු ලෝක වාසීන්ටම නරක ආදර්ශයකට උදාහරණයක් වි ඇත. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය උගන්වන විට හා පොදු නීතිය උගන්වන විට අපේ ප්‍රමිතිය ඇත්ත වශයෙන්ම පෙන්නුම් කරන්නේ දකුණු අප්‍රිකානු නීතිය විසිනි.
එයට කලින් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධිකරණය විසින් අර්ථ නිරූපනය කළ ආකාරය ඒ ප්‍රමිතිය විය. ඒ නිසා ඒ දෙකම කැටිකරගෙන තමයි අද දවසේ අපි පොදු නීතිය ශිෂ්‍යයන්ට උගන්වන්නේ. මක්නිසා ද යත්, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වල තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ඌනතා මේ මගින් කැපී පෙනෙන ලෙස පෙන්වා දිය හැක.
ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම යෝජනා කට්ටලයක් ඉදිරිපත්කර තිබෙනවා මහජන අදහස් ලගාගැනීමට පෙර. එහි විශාල දිග කොටසක තිබේ. මූලික අයිතිවාසිකම් ප්‍රඥප්තියක් තිබෙනවා වගේම බල විභේදනය හා සංවරණ හා තුළන මූලධර්ම අතිශයින්ම ව්‍යවස්ථාවකට වැදගත් වේ. ඒ වගේම ශ්‍රි ලංකාව නිදහසෙන් පසු දීර්ග කාලයක් මහජන ආරක්ෂාව නීතිය යටතේ පාලනය විය. අපි ඒ අතින් එක්තරා වාර්තාවක් පිහිටුවා තිබේ. දශක 4ක් පමණ කාලයක් දිගින් දිගටම වගේ ලංකාව පාලනය වූයේ හදිසි නීතිය යටතේ ය. මෙ නිසා ජනතාවගේ ආරක්ෂාව ව්‍යවස්ථාව විසින් ආරක්ෂා කරදිම ඉතාමත්ම වැදගත් කොට සැළකියහැක. මේවා තමයි මානව හිමිකම් සම්බනක්ධයෙන් මූලික ලක්ෂණ වන්නේ.
මමත් මේකට අයිතියි, මේක මගේ උත්තරිතර නීතීය යන හැගීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම සියලු පුරවැසියන්ට එන්නට අවශ්‍ය ය. මා මේ ව්‍යවස්ථාවෙන් පරිභාහිර කෙනෙකු නොවේ සහ මගේ අන්‍යතාවය ගැන එක එක්කෙනා කරන විග්‍රහය ව්‍යවස්ථාවේ නියෝජනය වෙනවා ද කියන එක තීබීමත් ඉතාමත්ම අත්‍යවශ්‍යය. අපි ජනරජයක් වූවාට 72 සිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දෙකෙන් එකක්වත්, මිනිසුන්ට සමිප වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නොවේ. ඒවා ජනතාවට ඉතාමත් දුරස්ථ ය. දැන් ඉන්දියාවේ එහෙම බැලුවොතින් මහා භාරතය හැරෙන්නට එහි උත්තරීතරම ලේඛණය ඇත්ත වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. ඒක අතිශයින්ම ජන ජීවිකයට වැදගත් ලෙස සැලකෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකි. දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ඒ වගේම තමයි සළකන්නේ. දැන් වෙනත් අයගේ ද ඒ ආකාරයට ඒ ව්‍යවස්ථාවන් කෙරෙහි ට සැලකිල්ල යොමුවේ.
දැන් මානව හිමිකම් කොමිසන් සභාව මූලික අයිතිවාසිකම් දෙස බලන විට පෙන්නුම් කළේ එහි සමානාත්මතාවය සහ වෙනස්කම් නොකිරීම කියන එක ට සම්බන්ධ ප්‍රතිපාදන ඉතා ප්‍රසංශනීය ආකාරයට සහතික කළ යුතු බවය. විශේෂයෙන්ම වෙනස්කොට නොසැලකීම කියන ප්‍රතිපාදන තුළ නොයෙකුත් ජන කොටස්වල නියෝජනයක් තිබීම අත්‍යවශ්‍ය ය. ඒ වගේම තමයි මිනිසුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මිනිසුන් බැඳිමක් ඇතිකර ගන්නේ. අනික් එක තමයි අයිතිවාසිකම් බෙදන්නට බැහැ කියන එක. ඒ කියන්නේ අයිතිවාසිකම් වලින් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වැදගත් වන අතර සමාජ ආර්ථික අයිතිවාසිකම් ද්වීතිකයි කියන්නට නොහැක. මක් නිසා ද යත්, මානව හිමිකම් යනු මානව හිමිකම් වේ. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රධානයි අනික් අයිතිවාසිකම් ද්විතිකයි කියන එක සීතල යුද්ධයේ තර්කයකි. අවාසනාවට එය ඉතා අන්ධ ලෙස මෙතෙක් අපි ගෙනගොස් තිබේ.
ඒ නිසා මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයේ ඒ සංකල්පය ගැබ්විය යුතු ය. සංස්කෘතික අයිතිවාසිකම් වේවා, දේශපාලන, සමාජීය, සිවිල් හා දේශපාලන යන මේවා සියල්ලක්ම එක හා සමානවම වැදගත් කමකින් සහතික කර තිබීම අතිශයින්ම වැදගත් ය. අනික් එක තමයි සාමූහික අයිතවාසිකම් වගේම පුද්ගලික අයිතිවාසිකම් තිබිය යුතු ය. උදාහරණයක් ලෙස ලෙස ප්‍රජාවට භාෂා අයිතිවාසිකම් ඉතාමත් වැදගත් වේ. කියන්නේ උසාවියකට ගොස් තමන්ගේ අයිතිවාසිකමක් උල්ලංඝණය වුනහාම ඒ ගැන නඩු පවරා ඒ ගැන විනිශ්චයක් ගන්නට පුළුවන්කම. නමුත් එය හදාරණ ඕනෑම අයෙකුට නීතිය ගැන දැනුම නැති පුරවැසියෙකුට වූවත් පෙනෙනවා අයිතිවාසිකම් යන ලැයිස්තුවට අමතරව ඒ සීමා සහිත ලැයිස්තුවකින් එය තවතවත් සීමා කරනවා කියන එක. උදාහරනයක් ලෙස භාෂණයේ නිදහස ට සීමාවන් 10ක් පමන තිබේ. ඒ නිසා අතිශයින්ම වැදගත් අයිතිවාසිකම් පුළුල් වෙනවිට අයිතිවාසිකම් වලට යොදන්නට පුළුවන් සීමාවල් සීමා කළ යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක අවශ්‍යතා අනුව පමණයි අයිතිවාසිකම් උල්ලංගනය කරන්නට පුළුවන් වෙන්නේ කියන එක. ඒ වගේම යම් යම් අයිතිවාසිකම් වලට සීමා පනවන්නට නොහැකි බව ද පිළිගත යුතු ය . උදාහරනයක් ලෙස වද හිංසා කිරීම ගතහැක. වහල් භාවයට එරෙහි නීතින්ට සිමාවක් තිබිය නොහැක. මානව හිමිකම් කොමිසම ඉදිරිපත්කර ඇති තවත් වගන්තියක් තමයි කැමැත්තක් නොමැතිව අතුරුදන්විය නොහැකි විම. මහජන අදහස් විමසීමේ කමිටුවේ වාර්තාව දෙන බලන විට අතිශයින්ම මේවා අයිතිවාසිකම් ලෙස ඇතුලත් කළයුතු බව පැහැදිළි ය.
අනික් එක තමයි මේවාට හොඳ ප්‍රති කර්ම තිබිය යුතු ය. මහජන යහපත සඳහා ඕනෑම කෙනෙකුට තමන්ගේ හෝ කණ්ඩායමක අයිතිවාසිකමක් උල්ලංඝනය වූවා නම් පෙත්සමක් ඉදිරිපත් කරන්නට පුලූවන් කම තිබිය යුතු ය. දැන් 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ එවැනි උල්ලංඝනයක් සිදුවූවා නම් මාසයක් ඇතුලත ඒ පැමිනිල්ල කලයුතු ය. ඒ වගේ විශාල සීමාවන් වලට යටත් වෙලා තමයි අද දවසේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ඒ ප්‍රතිකර්මය ලබා දී බෙන්නේනේ.
ඒ නිසා මේ සිමාවන් ඉවත් කිරීමට ඛලයුතු ය. මෙය වත්මන් ලිබරල් ව්‍යවස්ථාවක තිබිය යුතු මූලික ලක්ෂණයක් වන්නේ ය. සුභ සාධන රාජ්‍ය පැවති කාලයේ ඇත්තටම නිදහස් සෞඛ්‍යට හා අධ්‍යාපනයට විශාල ඉඩකඩක් තිබුන මුත් අද අයිතිවාසිකම් යනු විශාල මිලක් ගෙවිය යුතු පාරිභෝගික භාණ්ඩයක් වි තිබේ. ඒ නිසා නීති ආධාර රාමුව පළල්විය යුතුව ඇත. ඒ නිසා රජය නීති ආධාර සඳහා සැළකිය යුතු මුදලක් වෙන්කළ යුතුව ඇත.