yukthiya

ශ්‍රී ලංකාවේ සහ සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමග එලදායි සාකච්ඡාවක් – IMF ප්‍රධානියාගෙන් සුබ පණිවුඩයක්

IMF ප්‍රධානියාගෙන් සුබ පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ සහ සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එලදායි සාකච්ඡාවක් පැවැත්වු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියේවා මහත්මිය පවසයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කිරීම සඳහා චීන නායකයින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇය මේ බව සඳහන් කර ඇත.

චීනයේ, අන්හුයි පළාතේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහ චීන බලධාරීන් අතර මෙම සාකච්ඡාව පත්වා තිබේ.

සාකච්ඡාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ‘‘ශ්‍රී ලංකාව සහ සැම්බියාව යන රටවල් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කර අවසන් කළ යුතු බවය.

එමෙන්ම එම ප්‍රතිව්‍යහුගත කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු හරහා මෙම රටවලට මුදල් ලබාදීමේ අවස්ථාවට ඉඩ සැලසෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

එමෙන්ම ගෝලීය ණය අර්බුදයක් ඇතිවීම තුළින් ණය පීඩාවන් වළක්වා ගත හැකි ආකාරය පිළිබඳව ද චීන බලධාරීන් සමග සාකච්ඡා කළ බව එම අරමුදල පවසයි.

චීනයට මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ හැකි බවත් ණය ගැටලු සම්බන්ධයෙන් වඩාත් ක්‍රමානුකූලව මැදිහත් වීම වෙනුවෙන් වේදිකාවක් සඳහා අවකාශයක් ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති මෙම වටමේස සාකච්ඡාව සඳහා චීන මුදල් අමාත්‍යාංශය, චීන මහජන බැංකුව, EXIM බැංකුව සහ චීන සංවර්ධන බැංකුව වැනි ප්‍රධාන පාර්ශ්වයන් එක්වු බව වාර්තා විය.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම සඳහා මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කරන ලිපි අදාළ ණයහිමි රටවල් විසින් ඉදිරියේදී ලබාදෙනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

“මේ වනවිට අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ පැරිස් ක්ලබ් එක ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ එකඟතාවය ලබා දීලා තිබෙනවා. ඒක විශාල ශත්තියක් අපට. ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරගෙන යනවා.. ඉතාම හොඳ ප්‍රතිචාර තිබෙනවා. චීනයේ අගමැතිතුමා සහ IMF හි මැනේජින් ඩිරෙක්ටර් අතර සාකච්ඡාවක් තිබෙනවා.. සියලුම රටවල් අතර තිබෙන ණය අර්බුදය පිළිබඳව. අපි විශ්වාස කරනවා මේ සියලුදෙනාම එකතුවෙලා අපට අවශ්‍ය ඒ ණය ප්‍රතිව්‍යුහත කිරීම සඳහා කැමැත්ත ලබා දෙයි කියලා. එක ලැබුණා නම් අපට පුළුවන් වෙයි ජනවාරි මාසයේ හෝ නුදුරු දිනයකදී IMF එකට ගිහිල්ලා ඒ අවශ්‍ය ණය පහසුකම් ලබාගන්නනට.”

අද දෙරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *