|

මගේ ව්‍යාපාරවලට ප්‍රචාරය දුන්නාට ජනාධිපතිතුමාට ස්තුතියි – උපයෝගිතා කොමිසමේ සභාපති

 

තමන්ගේ ව්‍යාපාරවලට ලබාදුන් ප්‍රසිද්ධියට ජනාධිපතිතුමාට ස්තුති කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කොට ඇත.

කෙසේ වෙතත්, රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු ලෙස තම හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට අසත්‍ය තොරතුරු ලබාදීමක් සිදු වී ඇති බව ඒ මහතා කියයි.

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව තවමත් මහජන උපයෝගිතා කොමිසමට ලැබී නැති බවත්, කෙසේ වෙතත්, විදුලි බිල වැඩි කිරීමට ඉදිරිපත් කරන දත්ත පිළිබඳව ප්‍රශ්න ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේ ජනක රත්නායක මහතා හෝටල් සහ නිවාස ව්‍යාපෘති ගණනාවක හිමිකරුවකු බව සහ විදුලි ගාස්තු වැඩි කිරීමට ඒ මහතාගේ විරෝධය තුළ ලැදියාවන්ගේ ගැටුමක් ඇති බවත් ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *