ණය ර්අබුද විසඳන්න සහය දෙන්න චීන බැංකු එකඟ වුණා – ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස්

ණය ර්අබුද  විසඳීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට චීන බැංකු එකඟ වූ බව ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කොට තිබේ,

සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණදී තිබෙන ණය අර්බුදය සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුවේ නිලධාරීන් සමග සාකච්ඡා කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා පවසයි.

එම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ද සහභාගී වී තිබේ.

මැල්පාස් පවසන්නේ චීන නියෝජිතයින් සමග ඔවුන් ආර්ථික වර්ධනය, වෙළෙඳාම, ආයෝජන සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවය.

එසේම ස්වයිරී ණය අඩු කිරීම සහ දීර්ඝකාලීන තිරසර බව සම්බන්ධයෙන්ද ඔවුන් සාකච්ඡා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *